Galle Face News
අපි… ,
අපක්ෂපාතී අකුරුකරණයේ ජනතාවාදී මාධ්‍ය මෙහෙයුමක නිරත වන්නෝ වෙමු..
අති ප්රයෝගකාරීවූත්, රැවටිලිකාරීවූත්,,සමාජ දේශපාලනයික ඉතිහාසයක් විසින් නැවත නැවතත් දුෂ්කරත්වයේත්,,වේදනාවේත්,අපේක්ෂා භංගත්වයේත් පතුලටම හෙලනා ලද ජාතියක කාෂ්ඨක ජීවිතයන් අරා සිටින්නාවූ අපේක්ෂාවනගේ අවසන් ශේෂපත්රය ගවර න්‍යායයෙන් මෙන්ම නොදන්නා අභිරුචියකින් යුතුව වැළඳගනු ලබන අපේ පංතියේ මිනිසුනට,සැබෑවටම කිවහොත් පරඬැල් සහ වියළි ඉපල් බඳු මිනිසුනට සත්‍යයේ මිහිරස,යතාර්ථය පහන් කරවනු වස් සමබිමක සිට නිර්ව්‍යාජව මෙන්ම නිර්ලෝභීවත් මාධ්‍යකරුවන්,,
පුරවැසියන් ලෙස අප අතීත භාවිතාවන්හි පරාර්ථකාමී නිර්මලත්වය එලෙසින්ම ඔසවා තබනු පිණිස සැබෑ මාධ්‍ය මෙහෙවරක නියැලීම
Galle Face News හි ඒකායන අපේක්ෂාව වේ..
මිනිස් ජීවිතයනට උරුම විය යුතු සකලාකාරයේ සියළු උත්තුංග පරමාදර්ශත්වයයන් කීතු කීතුව ඉරා සිඳ දැමූ දේශපාලන මඩගොහොරුවන් විසින් ඔසවා තබන අවිද්‍යාවේත්, මිත්යාවේත් ශෝකාලාපයනට ලෝභීව මෙන්ම මිහිරෙන් මත්ව අන්ධානුකරණයෙන් ඇදී බැඳී යාමේ විපාකයනට ලක්ව කුමුදක්ව පිබිදිය යුතු සකලවිධ සුන්දර ප්‍රාර්ථනා සිය දෙපා අසම බිඳගත් ජනසන්නිපාතයකට ප්‍රඥාව ඥාණනය කරනු වස් මග එළිපානා ප්‍රදීපස්ථම්භයක් වනු පිණිස පන්හිද කඟපතක්ව ලෙලවීම අපගේ උතුම් අරමුණ වේ..
අහස,පොළොව,දියඹ , මදනල සේම ජීවිතයද අහිමිව තවදුරටත් පරඬැල් වු මිනිසුනට ජීවිතයද,ජීවනයද මෙයමැයි වන මග හසර කියාදීමේ මහා තක්ෂිලාව තුල අපි සත්‍යයම සුපිෂ්පිත කරවන්නෙමු..
පියවි නිද්‍රාවක ගිලීගත් මිනිසුන් සත්‍යයේ නැණ පහනින් ආලෝක ගන්වාලීම මෙන්ම එය මහපොලොවේ යතාර්ථයක් කරවනු පිණිසවු
අනවරත උත්සහයද,ප්‍රාර්ථනයද,අනලස් වගකීමද අප මතද වනු ඇතැයි
Galle Face News හි අප උදක්ම හැඳිනගෙන සිටින්නෙමු..
දැක්ම…
උපන්බිමේ සැබෑ හිමිකරුවන් වූ නමුදු අයුක්තිය, අසාධාරණය අහිමිකරලීම් මතුයෙහි ඉපල්, පරඬැල් බවට පත්ව සකලකාරයෙන්ම කෘෂව හේබාගිය මිනිස් ජීවිතයන් තවදුරටත් අඳ ගොළු බිහිරිව තබනු නොරිසිව සැබෑ ජීවන උත්ථානය පහසු කරවනු පිණිස වූ අව්‍යාජ මාධ්යකරුවනගේ සටන්කාමී පුර්වගමීත්වයක් සේ ක්‍රියාත්මක වීම.
පාඨක අයිතිය…
Galle Face News හි අප සැබෑවටම මාධ්‍ය ආචාර ධර්ම ගරුකරන්නෝ වෙමු..
යුක්තිසහගතවුත්,ගරුකටයුතුවුත්,අනෙකාගේ අයිතියට මාධ්‍යකරුවන් ලෙස පැහැදිලිවම සංවේදී වන අප මාධ්යභාවිතයේ ලෝකපරිමාණවු සුභාවිතයන් අගය කරන්නෝද වෙමු..
අප ජනතාව කෙරෙහි පමණක්වන විශ්වසදායි ප්රතිපත්තියක පිහිටා කටයුතු කරනාතරම කිසිවිටෙකත් මිත්‍යාව සමාජගත කිරීම වෙනුවෙන් බලවතුන්ගේ කිහිලිකරුවීමට උත්සහ නොදරන්නෝද වෙමු..
අප මාධ්‍යයේ පලකරනා කරුණු සම්බන්ධයෙන් පිලිතුරු දීමේ අයිතිය
වෙනුවෙන් අප පෙනී සිටීම මහා ඉහළින් ලඹ දෙන බවද
මෙසේම සනිටුහන් කර තබන්නෙමු.
ප්‍රධාන කතෲ: ප්‍රේම් කුලතිලක
Email: editor@gallefacenews.com
Address: No E/1, Wahakula, Ruwanwella, Sri Lanka
Phone / Whatsapp: +0094784708290
+0094741348700
Contact Form
We’ll reach out to you soon.