Author: Praem K

එලඹෙන ජනපතිවරණයේදි තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට ලබාදෙන බැව් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ප්‍රකාශයට පත් කලේය.තොණ්ඩමන් ඇමතිවරයා මේබැව් පවසා සිටියේ හැටන්,කොටගලදි මාධ්‍ය්‍ය හමුවේ පෙනී සිටිමිනි.ඔහුවතුකරයේ ඡන්ද මැ‍ෂිම ලෙස හැදින්වු සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මුනුපුරෙකු වන අතර ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයාද වේ.

Read More

මැතිවරණයේ නාම යෝජනා ප්‍රකාශයට පත්වීමත් සමගම මැතිවරණ පැමිණිලි තරමටම දෑත් ශක්තිමත් කිරීම්හි ප්‍රවනතාවයනද සිඝ්‍රයෙන් ඉහළ යාමක් දක්නට ලැබිය හැක.එහි ආසන්නතම දෑත් ශක්තිමත් කරවීම සජිත් ප්‍රේමදාස හමුවේ ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි මහතාගෙ බිරිඳ වන කුමාරි මුණසිංහ සජබයට එක්ව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක තනතුරක් ලබාගැනීම දැක්විය හැක.එහි සුවිශේෂීත්වය වනුයේ ඇය මහින්ද රාජපක්ශ හිටපු ජනපතිවරයා බුදුන්ගේ ඥාතිත්වයට පෑහු ජැක්සන් ඇන්තනි මහතාගේ සෙවනැල්ලව ඒහා බැඳි සිටීමත් ය.සිදුවීමේ අනෙක්පස නියෝජනය කරනුයේ මහින්ද පාර්ශ්වයේම ජීවන් කුමාරතුංග රනිල් සරණ යාමය.සැබවින්ම ගිලෙන නැවෙන් මීයෝ පනිනවා යැයිකියන්නේ මේවාට විය යුතුය.

Read More

පක්ෂ විනය උල්ලංඝනය කර වත්මන් ආණ්ඩුවට සහය දැක්වීම මත සජබ මන්ත්‍රි ධුරය අහිමි වු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හිටපු සංචාරක ඇමති හරින් ප්‍රනාන්දුට ලබාදුන් අමාත්‍යංශ උපදේශක තනතුර බල රහිත කරන්නැයි සමගි නීතිවේදින් මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා ඇති බවක් වාර්තාවනවා..මැතිවරණයක් කැඳවීමෙන් පසු ලබාදෙන පත්වීම් හි යුක්තියුක්ත භාවය මෙන්ම එහි නීතිගරුක හෝ සදාචාරවත් බව පිළිබඳව එය ලබාදෙන්නා සහ ලබාගන්නා අය විසින් විමසිලිමත් වන්නේ නම් මෙවැනි ඉල්ලීම් උගහට වනු ඇතැයි විචරක අදහස වී තිබේ.

Read More

රාජ්‍ය පරිපාලනයේ ප්‍රජාවගේ ආසන්නතම හිතවතා මෙන්ම රාජ්‍ය නිලධාරියාද වන ග්‍රාම නිලධාරින් විසින් අරඹා තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග එහි සේවාවන්ගේ යෙදීමේ අත්‍යවශ්‍යතාවට ගරු කරමින් තම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් දියත් කල අරගලය තාවකාලිකව පසුපසට ගන්නට තීරණය කලැයි ග්‍රාමසේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි..

Read More

පැෆරල් වෙතින් මැකෝට ලිපියක්, ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ තීරණය නිත්‍ය වශයෙන්ම සිදුකෙරෙනා පසුබිමක් තුළ පසුගිය මාස කිහිපය පුරාවට ආණ්ඩුව විසින් සිය රාජ්‍යබලය උපයෝගී කර ගනිමින් විටින්විට මැතිවරණ නිදහසට බලපෑම් සිදුවන අයුරින් විවිධාකාරයේ තීන්දු තීරණ වලට එලැඹි බැව් එකී සිදුවීම් දෙස සුපරික්ෂාකාරී වන ඕනෑම අයෙකුට පැහැදිලිවන්නේයැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂම වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියි..එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍යටද පිටපත් සහිතව යොමු කරනු ලැබුවාවු ලිපිය අවධාරණය කරනා ආකාරයට ඉදිරි අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී රාජ්‍ය සේවක වැටුප රු.දසදහ සකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය සෘජු ලෙසම රාජ්‍ය සේවකයාගේ නිදහස් ඡන්දයේ ප්‍රකාශනයට තීරණාත්මකව බලපෑම් ඇති කරවනු බවයි. මැතිවරණය…

Read More

කිසිවකට කිසිඳු ආකාරයක වගකීම් සහගත බවකින් සහ කිසිඳු හිරිකිතයකින් තොරව විකිණීම පමණක්ම තම ආර්ථික ප්‍රතිපත්තිය කරගත් කෛරාටික රාජ්‍ය භූමිකාවක විකිණීමේ නවතම අවස්ථාව මේ වනවිට කරලියට පැමිණ තිබේ.රාජ්‍යයේ මහජනතාව සතු සම්පත්,දේපල විකිණීමෙන් නොනැවතී ගුණාත්මක සේවා පද්ධතීන් නිර්මාණය කෙරෙනා ප්‍රමිතිගත ආයතන ක්‍රමයන් එකිනෙක කඩිනමින් විකිණීම I M F කොන්දේසි වලට එකඟවීම යැයි ගලපා ගත්තද එහි සැබෑ අරුත පාරදෘශ්‍ය අර්ථ ක්‍රමයක පැවති රාජ්‍යය වත්කම් හා සේවා තම පංතියේ ගජ මිතුරන්ට අතයට ගනුදෙනුවක්ව ලබාදීමත්,,ක්‍රමිකව දිගුකාලිනව කොමිස් මුදල් හොර රහසේ ගලාගෙන ඒමට ඉඩ සලසා ගැනීමත් බව තව දුරටත් අරුමයක් නොවේ…මෙහි ආසන්නතම මොහොත ලෙස සම සෞඛ්‍ය උපාධිය කඩාකප්පල් කර එය මුදලට විකිණීම කෙරෙහි වන කාරණාව පෙරට…

Read More

අප්‍රිකානු කලාපයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස වර්ධනය වී ඇති M Pox හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් තම සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය හා රාජ්‍ය බලධාරිනගේ දැඩි අවධානයට ලක් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.අප්‍රිකානු කලාපයෙන් ඔබ්බෙහි ඇති ස්වීඩනයෙන් පවා රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති පසුබිමෙක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන්නැයි ඉල්ලා සිටි බවද මෙහිදී අනාවරණය විය.විශේෂයෙන් ස්පර්ශයෙන් ,, බිඳිති මගින් මෙන්ම ලිංගික චර්‍යාවන්ගෙන්ද මෙය පැතිරීමේ සීඝ්‍රතාවයක් පවතින බැව් අවධාරණය කළ හෙතෙම මෙම රෝගය ශ්‍රි ලංකාවට පැතිරිම සම්බන්ධයෙන් අඩු තක්සේරුවක නොසිටිය යුතුයැයි අවධාරණය කළේය .වඩවඩාත් සෞඛ්‍ය…

Read More

ගාසා තීරයේ යුද තත්‍ත්වය සමහන් කිරීමේ අදිටනින් පැවැත්වෙන සටන් නැවැත්වීමේ උවමනාව පෙරදැරි කරගත් සටන් විරාම සාකච්ඡාවන් දෝහා කටාර්හිදී ඉකුත් 15දා ආරම්භවූ බැව් විදෙස් පුවත් සේවාවන් විසින් වාර්තා කරනු ලැබීය.. අමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම සාකච්ඡා දෙවන දිනටත් පැවැත්වීමට අපේක්ෂිතවු අතර එකී සාකච්ඡාවනට හමාස් සංවිධානය සහභාගී වී නැතැයි වාර්තාවල දැක්වින.. කෙසේවුවද සාකච්ඡාවේ ප්‍රතිඵල ධනාත්මකව පවතින බැව් ඊට සහභාගීවු එක්සත් ජනපද බලධාරියකු පැවසුබැව් එකී ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More