Author: Praem K

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට අදාලව නාම යෝජනා කැඳවීමට අදාල නිවේදනය මැතිවරණ කොමිෂම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත..එයට අනුව පලාත්පාලන ඡන්දවිමසීමේ ආඥා පනතේ( 262 )අධිකාරිය 26 වගන්තිය යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නියෝජිතයන් පත්කර ගැනීමට අදාලව නාමයෝජනා බාර ගැනීමේ නිවේදනය 2024.08.26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරි තැන විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත..ඡන්දවිමසීමට අදාල ඇප මුදල් තැම්පත් කිරීම 2024.08.26 දින සිට 2024 09 .11දින මධ්‍යහ්න 12.00 පැය දක්වාද( මෙම කාලය තුල එළඹෙන 224.8.31 සහ 2024 සැප්තැම්බර් 01,07,08 යන දිනයන් හැර) සිදුකළ හැකි වනු ඇති අතර නාමයෝජනා භාරගැනීම 2024.09 .09.සිට 2024 .09.12 මධ්‍යහ්න 12 00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයයේදි…

Read More

විදර්ශන ප්‍රකාශන ආයතනය සංවිධානය කරන විදර්ශන සාහිත්‍යය තරඟය 2024 සඳහා යොමුකරන ලද සාහිත අත් පිටපත් රැස අතුරින් තරඟයට තෝරා ගනු ලැබූ අත්පිටපත් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති බැව් එම ප්‍රකාශන ආයතනය පවසයි..මෙහි ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස අනෝමා රාජකරුණා, අශෝක හඳඟම, ටියුඩර් විරසිංහ යන ප්‍රාමාණිකයන් සම්පත් දායකත්වය සපයනු ලැබ ඇති අතර හෙළකුරු නිල මාධ්‍ය සහකරු ලෙස දායකත්වය දරනු ලබයි.

Read More

අන්තර්ජාලය උපයෝගීත්වයෙන් දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම පසුගියදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශයීය ආරංචි මාර්ග සඳහන් කරනවා…www.pravesha.lk වෙබ් අඩවිය භාවිතාකරමින් මගී ජනතාවට තවදුරටත් පෝලිම්වල රැඳී නොසිට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට මේ හරහා අවස්ථාවඋදාවන අතර වසරාවසානයට පෙර දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීම,,ආසන වෙන් කිරීම,භාණ්ඩ ප්‍රවාහනය ඈ අත්‍යවශ්‍ය මගී සේවා සඳහාද නව උපයෝගීත්වය යොදා ගැන්මට අදහස් කර ඇතැයි එකී ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා…

Read More

රාජ්‍ය නායකත්වයේ සේනානායක කිරුළ විවිධාකාරයෙන් අත් හදා බලන්නට යෙදුන නමුත් එවක එජාප නායකයාවු ජේ.ආර් ජයවර්ධනයන්ගේ විවිධවු කෙණෙහිලි කම් මතින් එකී අවස්ථාවට යන මං ඇහිරුණු සේනානායක පරපුරේ සුවිශේෂී පුරුකක් වු රුක්මන් සේනානායක සිය දිවිසැරියට සමු දී තිබේ…මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක අගමැතිවරයාගේ මුනුපුරෙකු වු ඔහු හිටපු අගමැති වරයෙකු වූ ඩඩ්ලි සේනානායක ගේ ඥාති පුත්‍රයකුද විය.ඩඩ්ලි සේනානායක හිටපු අගමැතිවරයාගේ හදිසි අභාවයෙන් පසු දේශපාලනයට බට ඔහු දැදිගම අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කරගන්නට සමත් විය.තම ජෙයෂ්ඨ ඥාතීන් විසින් නිර්මාණය කල එජාපයේ එවක නායකත්වයේ විවිධාකාරවු කෙණෙහිලි කම් වලට ලක්වූ ඔහු පසුව ඩඩ්ලි පෙරමුණ නමින් 1976 වසරේදී සංවිධානයක්ද ගොඩ නගා ගත්තේය.කෙසේවුවද එජාපය සමගවූ මත ගැටුම් උත්සන්න වීමත් සමග එම…

Read More

යාවත්කාලීන නොකළ රියදුරු බලපත් අවලංගු වන්නේයැයි සඳහන් මාධ්‍ය වාර්තාවනට කිසිඳු පදනමක් නොමැත්තේයැයි ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යංශයීය ලේකම් රංජිත් රූබසිංහ මහතා අවධාරණය කරයි..කෙසේවුවද මෙතෙක් යාවත්කාලීන නොකල මිලියන2ක් පමණ වන රියදුරු බලපත් වෙනුවට 2025 පළමු අඩවස තුලe – රියදුරු බලපතක් හඳුන්වාදීමට මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින බැව් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේය .මෙරට ප්‍රථම රියදුරු බලපත නිකුත්කරනු ලැබ ඇත්තේ 60 දශකයේදී පමණ වන අතර මේවනවිට මිලියන 12.3 ක් පමණ බලපත් නිකුත්කර ඇතැයි සඳහන් .60 දශකයේ නිකුත්කරන ලද බලපත්හි කල් ඉකුතුවක් සඳහන් නොවීම තුල එකී රියැදුරු බලපත් යාවත්කාලීන වීමක් නොසිදුවීමේ පසුබිමක බලපත් මිලියන 2 කගේ තොරතුරු යාවත්කාලීන වී නොමැති බැව් අමාත්‍යංශයයීය ලේකම්…

Read More

යෝජිත ජනපති අපේක්ෂක වරුනගේ රූපවාහිනි සංවාදය පැෆරල් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන්නේ යැයි එහි කොන්දේසියක් ලෙස ජනපතිවරණ විවාදය අපේක්ෂකයන් හයදෙනෙකුට පමණක් සීමා කරන්නේ යැයිද පැවසෙන අදහස තමන් තරයේ ප්‍රකාශ කරන්නේයැයි මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මාර්තු 12 ව්‍යාපාරය හෙළිකර සිටියේය. තමන් පූර්වාදර්ශීව 2019 ජනපතිවරණයේදීද දියුණු මැතිවරණ සාක්ෂරතාවයක් අරභයා මෙවන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අයුරුද මෙහිදී ආවර්ජනයට ලක්කෙරිණ.ජනපති අපේක්ෂකයින් සමබිමකට කැඳවා මහජනතාව හමුවේ ඔවුන්ගේ ප්‍රතිපත්ති, ක්‍රියාදාමයන්, මෙන්ම අනාගත අභියෝගයන් ජයගැනීමේලා ඔවුන් සතු විශේෂඥතාවයන් සම්බන්ධයෙන් ඔවුන් සතු අදහස ජනගත කිරීම මෙවන් සංවාදයක සැබෑ අරමුණ බවද මෙහිදී පැහැදිලි කළ මාර්තු 12 ව්‍යාපාරය…,එළඹෙන සැප්තැම්බර් 07 දා සියළු මාධ්‍යයනට නිරාවරණව එකී සංවාදය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සජීවීව පවත්වන්නට…

Read More

ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකත්වයේ සිටි ස්වාධීන අපේක්ෂක අයිඩෘස් මොහොම්මදු ඉල්ලෙයාස් මහතා හදිසි හෘද්‍යාබාධයකට ලක්ව රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්…සිරින්ජය ලකුණෙන් ස්වාධීනව නාමයෝජනා භාරදුන් ඉල්ලියාස් මහතා චන්ද්‍රිකාන්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවා…!

Read More

Sequal සාමුහිකය ඉදිරිපත් කරන ඡායාරූප ප්‍රදර්ශණයට සමගාමීව බූපති නලි වික්‍රමගේ විසින් රචිතඡායාරූප කලාවේ නූතනත්වයට එරෙහිව ග්‍රන්ථය දොරට වැඩුම 2024.98.24 සවස 3.00 ට කොළඹ 7 හෝටන් පෙදෙසේ පිහිටි JDA කලාගාරයේදී සිදු කිරීමට නියමිතය.වියමනෙහි ආරාධිත දේශනය ප්‍රගීත් අලුත්වත්තගෙනි.හමුවන්නසැනහෙන්නවිඳින්න වෙන්කරගන්නදෙහෝරාවක් ..

Read More

නිල සංචාරයක් සඳහා අමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන ජෙනිෆර් ආර් ලිට්ල්ජෝන් අද දින දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි පුවත් වාර්තා පලවී තිබේ..ඇය සාගර,අන්තර්ජාතික ,පාරිසරික ,හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍යලේකම් වරිය වන අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඇය 21 දින දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇතැයි සඳහන්..මෙම සංචාරයේදී ඇය සොභාදහම,දේශගුණික අර්බුද,ප්ලාස්ටික් හා වායු දූෂණය,සමුද්‍ර සංරක්ෂණය,, වනවිනාශය පිළිබඳව මෙන්ම ස්වභාවික අපරාධ ,සිවිල් හා වානිජ,අභ්‍යාවකාශ ක්‍රියාකාරකම්,විද්‍යා තාක්ෂණික ,ඉන්ජිනේරු,, හා ගණිත අංශයන් මෙන්ම ගැහැණු දරුවන් ප්‍රවර්ධනය,තිරසර ආර්ථිකය යන කාරණා තම මේසය මතට ගැනුමට සැරසෙන බවයි ආරංචි මාර්ග දක්වන්නේමේ සියල්ලෙන් ඉක්බිතිව ඇය ඉන්දියාවේ සහ මාල දිවයිනේද සංචාරයක නියැලෙනු ඇති..

Read More

නිදැල්ලේ සැරිසරමින් සිටියදි පසුගියදා බකමූණ ,දමනයාය,දම්පුරගම දී මෘග්ධ ලෙස ඝාතනයට ලක් කරනු ලැබුවාවූ 35 හැවිරිදි රාජා නමැති හස්තිරාජයාගේ මරණකරුවන්ව චෝදනාවනට ල ක්වු බකමූණ පොලිසියේ නිලධාරින් තිදෙනෙකුගේ සේවය අත් හිටවනු ලැබ තිබේ.සද්දන්තයාගේ ඝාතනය පිළිබඳව සිය මුහුණු පොතේ සටහනක් තබමින් පරිසරවේදි ජනක විතානගේ පෙන්වා දෙනුයේ වනසත්ව හා තුරුලතා ආඥා පනත ප්‍රකාරව වන අලියෙකු කිසිම අයුරකින් මරණයට පත්කිරීමක් හෝ තුවාල සිදුකිරීමක් කිසිවිටෙකත් කළ නොහැකි බවකි..එසේ වන අලියෙකු මරණයට පත් කළහොත් 20(1) 13 වගන්තිය ප්‍රකාරව රු..1,50000 කට නොඅඩු 500000 කට නොවැඩි දඩයකට හෝ මේ දෙකටම යටත් විය හැකි බවය…ඔහුට අනුව වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වන අලියෙකු ඝාතනය සම්බන්ධයෙන් ඇප ලබාදීමට කිසිඳු අවකාශයක්…

Read More