Author: Praem K

ප්‍රධාන සැමරුම ශ්‍රිලංකාවේ වියට්නාම තානාපතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී… ආත්මීය පරිත්‍යාගශීලිත්වයේ,පරමාදර්ශී ආදරණිය ජනතාවකගේත්, සිය දේශය ජාතිය වෙනුවෙන්වූ උදාරම්වු නායකත්වයේත් උත්තුංග කැපකිරීම්, අධිෂ්ඨානයන්, මතුයෙහි ප්‍රංශ,ජපන්,අමෙරිකන් අධිරාජ්‍යත්වයේ දළදඬුවෙන් මිදීගත් සමාජවාදි වියට්නාමයේ 79 වන නිදහස් සමරුව මෙම මස 4 දා කොළඹ මහජන පුස්තකාලයේදි සමරන්නට යෙදින.ශ්‍රීලංකා වියට්නාම් සහයෝගිතා සංගමයේ සාදරත්වය පෙරදැරිව රැස්ව සිටි සුබ පතන්නන්ගේ සාමුහිකත්වයද සමගිනි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතාව වශයෙන්H. E. Trinh Thi Tamශ්‍රීලංකාවේ වියට්නාම් නව තානාපතිනිය ඇරයුම් ලැබුවාය.සමාන්තරව ශ්‍රීලංකා,- වියට්නාම් සහයෝගිතා සංගමයේ සාමාජිකයින් වශයෙන් ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර,,ලේකම්,,විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ,,වියට්නාම් සහයෝගිතා සංගමයේ ලේකම් එස්.සුදසිංහ ,,පාර්ලිමේන්තු මන්ත්‍රීඒ.එච්.එම්.ෆවුසි යන මහත්වරුද සහභාගී වූවෝය.1945 අගෝස්තු විප්ලවයේ ජයග්‍රහණය මත බිහිවු සමාජවාදී වියට්නාම් ජනරජය,,,වීරෝදාර වියට්නාම් ජනතාවටත්,වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයටහ්…

Read More

පැෆරල් මැතිවරණ කොමිෂමට ලියයි… ජනපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට ආසන්නයේ රාජ්‍ය සේවකයා ඉලක්ක කර ගනිමින් වැටුප් වැඩි කිරීමේ යෝජනාව ක් කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරගැනීම පිළිබඳව ලිපියක් පැෆරල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂම වෙත යොමුකර තිබේ .එම ලිපිය අවධාරණය කරනා පරිදි රාජ්‍ය නිලධාරින්ද බරපතළ ආර්ථික අර්බුදයක ගිලීසිටිනා පසුබිමෙක ඔවුනට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය ලෙස තමන් කිසිඳු ආකාරයක විරෝධතාවයන් නොදක්වන්නේ වුව එලඹෙන ජනපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ආසන්නයේ රාජ්‍ය සේවකයන් ඉලක්ක කරගනිමින් ලබන ජනවාරි සිට වැටුප් වැඩිකිරීමේ යෝජනාව පෙරට ගැනීම එම නිලධාරිනට සිදුකෙරෙනා බලපෑමක් ලෙස දැක්විය හැකියැයි පවසනු ලැබ තිබේ .මෙවැනි පසුබිමෙක තැපැල් ඡන්ද ඉලක්ක කර ගනිමින්ම සිදුකරැති වැටුප් වැඩිකිරීමේ යෝජනාව…

Read More

ජෛව විවිධත්වයෙන් උපරිම පොහොසත් බවක් උසුලන ශ්‍රීලංකාව එකී ජෛව විවිධත්වයේ වටිනාකම් පිළිබඳව සැබෑමවූ අවබෝධයකින් හා උවමනාවකින් යුතුව කටයුතු කරන්නේදැයි ප්‍රශ්ණකාරී වුව රාජ්‍යය විසින් කිසියම් පමණෙකට හෝ ආරක්ෂාකාරිත්වය පතා නීතිගත කරනලද අනපනත් මතින් පෝෂිත ආයතන රැසක් අප සතුව පවතී.එහිද සුවිශේෂීතම ආයතනයක් ලෙස සැලකෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොබෝදා සිදුකරනු ලැබූ සාමුහික ප්‍රයත්නයකට අනුව ශ්‍රීලංකාවේ ජෛව සම්පත් මංකොල්ලයනට පැමිණි රුසියානුවන් දෙදෙනෙකු අදාල ජෛව සම්පත්ද සමගින් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට හමුවට පමුණුවන ලැබිය.නකල්ස් සංරක්ෂිත වනන්තරය , ලෝක උරුම සිංහරාජය,හා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ආශ්‍රිතව ජෛව සම්පත් මංකොල්ල කෑමට පැමිණි රුසියානු ජාතිකයින් මෙලෙස අත් අඩංගුවට පත්ව ඇතිබවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනුයේ..අත් අඩංගුවට ගැනීමේදී…

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණ ,අක්‍රමිකතා ,වංචා හමුවේ සිය අදහස්ජනගත කිරීමේ වරදට එම කරුණු හෙළිදරව් කළ වෘත්තිකයන්ගෙන් පලිගැනීමේ නිර්දය ක්‍රියාවලියක් වගකිවයුත්තන් ව්සින් පෙරට ගනු ලැබ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි..කරුණු හෙළිදරව් කරනු ලැබූ සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාධරයන්,වෛද්‍යවරුන් ඉලක්ක කරගනිමින් අවිධිමත් සහ හිතුවක්කාරි ලෙස විනය ක්‍රියාමාර්ග යැයි පැවසෙන ක්‍රියාවන් හා බියවැද්දීම් මේ වන විටත් කරලියට පැමිණ ඇතැයි අවධාරණය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයපාලකයන්ගේ අත්තනෝමතිකත්වයන් හමුවේ සියළු ආකාරයෙන්ම බිඳ වැටී ඇති රටක විවිධාකාරයේ සම්පත් මෙන්ම,,උපකරණ,බෙහෙත් වර්ග අවමව තිබියදී පවා මානව ගරුත්වයේ උපරිමය තුළ රැදෙමින් උපරිම ශඛ්‍යතාවයෙන් පිරුණාවු ප්‍රජා සෞඛ්‍ය සේවාවක් සිය පෞද්ගලිකත්වයන් පවා පසෙකලා ඉටු කිරීම වෙනුවෙන් වගකිවයුත්තන් දක්වනුයේ මෙවන් ප්‍රතිචාරයන්…

Read More

සිංහල දෙමල සහෝදරත්වයේ අග්‍රඵලයක් සේම මිණි කැටක් වූ සභාපති සිවගුරුනාදන් සහෘදයාගේ හැත්තෑ වසරක මානව ප්‍රේම සංහිතාව අගයනු වස් සංවිධානය කරනු ලැබූ උපහාර සන්ධ්‍යාවක් මෙම මස 29″ දා කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‍යේෂණ හා පුහුණු ආයතනයේදි සවස 2.00 සිට 5.00 දක්වා පැවැත්වීමට නියමිතය..

Read More

ප්‍රියංජලා සෙනෙවිරත්නගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘ ශතවර්ෂ ගණනක නිහඬතාවක්’ ගෝස්තු මස 29 වන බ්‍රහස්පතින්දා පස්වරු 2.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩීමට නියමිත ය . එහිදී ප්‍රධාන දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරියන් විසින් පැවැත්වෙයි . කිවිඳියක ලෙස විශේෂයෙන් ම ස්ත්‍රීය පිළිබඳ දෘෂ්ටිවාදයක් ඇයගේ කවිය තුළින් දැකිය හැකි වීම සුවිශේෂ ය.මානව චිත්ත අභ්‍යන්තරය ඇය සිය කාව්‍යමය භාෂාවෙන් විශද කරන අපූරුව මෙම කාව්‍ය නිර්මාණය තුළින් දැකිය හැකි ය. කතුවරිය කොළඹ කාන්තා විදුහලේ ගුරුවරියක වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියත් හදාරා නිමකර දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ නූතන කවිය පිළිබඳව දර්ශනපති උපාධියක් හදාරන්නියකි.

Read More

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාවෙන් නිදහස් අධ්‍යාපනයටත්,,නිදහස් සෞඛ්‍යයටත් සිදුකෙරෙනා අනර්ථයන් පැහැදිලි කරමින් සහ දේශපාලන අනුග්‍රහකත්වයෙන් අරඹන්නට යෙදුනාවු ලයිසියම් පෞද්ගලික විද්‍යාලයට එරෙහි විරෝධතාවයක් පසුගියදා හලාවත රෝහල ඉදිරි පිටදි පැවැත්විණි.ලාභ ඉපයීමේ අරමුණ පෙරදැරිවම ඇරඹි ලයිසියම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මහජන බදු මුදලින් නඩත්තුවන රෝහලක් ලබාදීමට සහ රෝගීන් භාවිතා කිරීමට එරෙහිව පැවති මෙම විරෝධය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණ…එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයින් පවසා සිටියේ ලාභය අරමුණු කර ගනිමින් පමණක්ම හතු පිපෙන්නාක් මෙන් බිහිකරනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුලින් ගුණාත්මක වෛද්‍ය වරයෙකු බිහි නොවෙන්නාසේම රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පද්ධතිය දියකර හැරීමේ කුමන්ත්‍රණයද මෙමගින් ඉතාමත් වේගයෙන් ඉටු…

Read More

පොරොත්තු ඇනවුමෙන් ක්ෂණික සේවා ලබාගැනීම හරහා විදෙස් ගමන් බලපත් ලබාගැනීමට සලසා තිබූ පහසුකම නැවත දැනුම් දෙන තුරු නවතා ඇතැයි වාර්තාවේ.පූර්වයෙන් දැනුම්වත් කර ඉදිරි දිනයක් හා වේලාවක් වෙන්කරගනිමින් අසීමිත කාලවේලාවන් නාස්තියකින් තොරව ගමන් බලපතක් ලබාගැනීමට පැවති පහසුව මේ අනුව තාවකාලිකව ?නැවතී තිබේ.අත්‍යවශ්‍ය මෙන්ම හදිසි ගමන් බලපතක් ලබාගැනීම හෝ ඉල්ලීම් කිරීම මේ අනුව නැවතී ඇතිවාක් පමණක් නොව රාජ්‍යයට ක්ෂණිකව ගලා එන්නාවු මුදල් සම්භාරයක් ද ක්ෂණිකව නැවතී තිබේ.මහජන ආරක්ෂක අමත්‍යවරයාට අනුව දිනකට ආගම විගමනයෙන් නිකුත් කරනු ඇත්තේ ගමන් බලපත් 750 කි.එය ලබාගැනීමටත් දවස් දෙකතුනක් පාස්පෝට් ගාලේ නිදි වැදිය යුතු තත්ත්වයක් පැවතෙන බව තේරුම් ගැනීමට රූපවාහිනියක් ඉදිරිපිට විනාඩියක් සිට ගැනීම පමණක් ප්‍රමාණවත්‍ වනු ඇත.…

Read More

රුසියාව විසින් යුක්‍රේනයට එල්ලකරන ලද මාරාන්තික ප්‍රහාර යකට මැදිව ජාත්‍යන්තර පුවත් සේවාවක් වන රොයිටර්ස් හි ආරක්ෂක උපදේශක( Ryan Evans )රයන් එවන්ස් මියගිය බව එම පුවත් සේවාව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.මේ සමගම රොයිටර් පුවත් සේවයේ තවත් මාධ්‍යවේදින් දෙදෙනෙකුද තුවාල ලැබූවන් අතර වූ බව කියැවේ.24 දා යුක්‍රේනයේ Kramatorskනගරයට එල්ලකළ ගුවන්ප්‍රහාර වලට මැදිව ඔවුහු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුහ.මිය යන විටාවුරෘදු 38 ක්වු රයන්එවන්ස් කලක් බ්‍රිතාන්‍ය සොල්දාදුවකු සේවය කළ අතර 2022 දී රොයිටර් හා එක්විය..

Read More

සම්ප්‍රදායික වාමාංශික දේශපාලන පක්ෂයනට ඉතිහාසය විසින් උරුම කරදුන් ඛේදනීය ඉරණම ශ්‍රීලංකා නිදහස් පක්ෂයටද උරුම වෙමින් පවතින බැව් මේවනවිට පමණටත් වඩා ප්‍රදර්ශනය වෙමින් පවතින බැව් මැදහත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ මැසිවිලි නගති. 1977 සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ දමා 5/6 ක බලයක් අත්කරගත් එජාපය ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආසන අටකට සීමාකළේය. විපක්ෂනායක නායක තනතුර පවා හිමිවූයේ අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණටය.පක්ෂය එසේ ආසන අටකට සීමා කිරීමෙන් නොනැවතුන එවකට සිටි එජාප නායකයා පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතියද අහිමි කරන්නට කටයුතු කළාටත් නොදෙවෙනි අයුරින් පක්ෂයේම නායක කාරකාදින් මේවනවිට නියමින් හෝ අනියමින් පක්ෂ විනාශ කිරීමට පියවර ගෙන ඇතැයි ඔවුන් චෝදනා කරති.1977 දි…

Read More