Author: Praem K

මාලිමාව දිනවීම අරභයා අසමානතාවයේ සමානත්වයන්ද එක්වෙති.. අරගලයේ මෙන්ම සමාජ ක්‍රියාකාරිත්වයේදීද මාලිමාව සමග ඒකාත්මික නොවූවන් වුවත් පොදු සමාජ අවශ්‍යතාවය හඳුනා ගනිමින් එළැඹ ඇති තීරණාත්මක හෝරාවේ සමාජමය වගකීම් සිය හිස මත දරාගත් විවිධ විෂයයන්ගේ ප්‍රාමාණික විද්වත් භාවයක් ප්‍රදර්ශණය කරන්නන්ගේ මාධ්‍ය හමුවක් කොළඹ ගුරුමැදුර ශාලාවේදී ඊයේ ( 15 ) පැවැත්විණ.. මාලිමාව අභ්‍යන්තරිකව නියෝජනය නොකරන්නාවු නමුත් පැහැදිලි සමාජ අරගලයක් අපේක්ෂිත විශ්වවිද්‍යාල ආචාර්‍යය වරුන් ,විචාරකයින්,දාර්ශනිකයින්,මාධ්‍යවේදින් ,ගත්කතුවරුන් සමාජ ක්‍රියාකාරිකයින් මෙන්ම කලාකරුවෝ බහුත්වයක් මෙම සුවිශේෂි අවස්ථාවට එක්වුහ.දේශපාලන විශ්ලේෂක විදර්ශන කන්නන්ගර , කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අ‍ංශයේ කථිකාචාරිනි ආචාර්‍යය ගීතිකා ධර්මසිංහ,, මාධ්‍යවේදී කල්‍යානන්ද පෙරේරා,,සිනමා ව්චාරක ගුණසිරි සිල්වා,, නාට්‍ය අධ්‍යක්ෂක අසංක සායක්කාර,,ජෙයෂ්ඨ මාධ්‍යවේදි, බීබීසී සිංහල සේවයේ හිටපු වැඩ සටහන් සම්පාදක,,ගත්කරු…

Read More

මෙරට සහ ලොවපුරා ඉස්ලාම් භක්තික සහෝදරත්වය විසින් සුවිශේෂී අගයුමකට බඳුන් කරනු ලබන්නාවු නබිනායක තුමාගේ උපත සමරනු වස් අප සහෝදර මාධ්‍යවේදිනි Ruffeeka Ramzan විසින් Gallefacenews වෙනුවෙන්ම අකුරු කෙරූ මෙම සටහන ජාතීන් අතරවන සමානාත්මතාවයේ ගරුත්වයටද උත්කර්ෂයයක් වන අභිලසින් මෙසේ පල කරමු.. මුහම්මද් නබිතුමා ක්‍රි.ව.571දී මක්කා නගරයේ උපත ලබා ඇත.එතුමා ඉපදෙන විට පියා මියගොස් සිටි අතර එතුමා ඉපදී මාස හයකට පසු මවද කළුරිය කලාය,ඉන්පසු එතුමා තම සීයා වන අබ්දුල් මුස්තලිෆ් ලග හැදී වැඩුනේය,මෙතුමා ඉබ්‍රාහිම් නබිතුමාගේ පුත් ඉස්මායිල් පරම්පරාවෙන් පැවත එන්නෙකි,මෙතුමා අල්ලාහ් දෙවියන් පහළ කල අවසාන වක්තෘවරයා වන්නේය.තම නිවසේ සේවය කල මෙහෙකරුටවත් වචනයෙන් හෝ සිත නොරිදන කාරුණික හදවතක හිමිකරු වූ එතුමා තරම් මිනිස්සු අතරට…

Read More

සේනක බටගොඩ ඒක.ඇත්තටම ඓශ්චර්යමත් ඓශ්චර්යයක්…!නව ලොවකට.,නව තාරුණ්‍යයකට,ඇත්තටම Next Generation එකටසිය වියපත් තාරුණ්‍යය,,ජීවිතය,නැවුම් සරණියක්වමග කියාදුන් පහන් තාරකාවක්ව පරමාදර්ශීයත්වයන් එක්කරනුලැබීමමසැබෑවටිනාකමක්…!එහෙව් ඔබඅදඅනන්තයටම නෙතු විදාසමු අරන්…!මිනිහෙක්..මිනිහෙක්ව පෙනෙන්න,,කතිකාවක්ව,,ලාංඡනයක්ව පෙනෙන්න,,දැනෙන්න ගන්න ජීවිත කාලයක්ම වැයකළත් නොහැකි වනවා වන්නට හැකිවුනත්…සේනක බටගොඩ ගේගෙ ඒ සොච්චම් එහෙත් මහා සාරගර්භවූත්,,නිශ්චිත සලකුණක් වුත් සංගීතමය ආත්මීය ප්‍රකම්පනය කල්පයක් පුරාවටම හදවත් සන්තානයන් ආඝ්‍රහනය කරනු ලබාවි..සුපුෂ්පිතවම තියේවි…එකී සංවේදිත්වයතප්පරයක් ජිවත්වූ මිනිසෙක් සැබෑවටම කල්පයක්ම ජීවත් කරවාවි.එනිසාමනැවත නැවතත්මමිනිසෙක් ජීවත්වූවා යැයි දැනෙන්නට කල්පයක්ම ගැහෙන්නට අවශ්‍යම නෑ..මොහොතක් තම කාර්‍යයයට,හැකියාවට අවංකවන්න හැකි වූවානම් එයම ප්‍රමාණවත්,,,ඇත්තටම සේනකගෙ ගීතමය මිහිරියාවසේනකව සැබෑවටම මතුවුනේම ඔහු ගියාට පස්සෙසත්‍යවශයෙන් ම ලාංකේය පසුගාමී සමාජ හැසිරීමේ යතාව ඒක..මේ ඇත්ත දකින විටදැනෙනවිටඅපිට අපේ ඇස්වල කඳුළු පිහිදගන්න විතරක් වෙනව පමණක් නම්…

Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ රට දෙවනත් කළ තොවිලය ගැනත් , ඊට අදාළව ඩොලර් බිලියන 10 ක ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුවූ අයුරුත් ඊයේ ලිපියෙන් කරුණු අනාවරණය කළෙමි. අද ලිපියෙන් අනාවරණය කරන්නේ ඊට සමගාමීව විවෘත වෙළෙඳ පොළෙන් ලබාගත් ඩොලර් බිලියන 12.5 වානිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුව ඇති ආකාරයයි. අන්තර් ජාතික සෛවරී බැදුම්කර (ISB) ඩොලර් බිලියන 12.5 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය 2024 ජූලි 02 : පැරිස් සමාජයේ සහ චීනය ආනයන අපනයන බැංකුවේ නිල ණය හිමියන් විසින් ඩොලර් බිලියන 10 ක ද්වීපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකග වූ පසු , 2024 ජූලී 02 වැනිදා අන්තර් ජාතික සෛවරී බැදුම්කර හිමියන් 10 දෙනකුගේ කමිටුව විසින් ඩොලර් බිලියන 12.5 ක ස්වෛරී බැදුම්කර…

Read More

ශ්‍රීලංකා පාඨක ප්‍රවර්ධන හා සුබසාධක සංගමයේත්, නෙත්රෝ ප්‍රකාශන ආයතනයේත් සහභාගීත්වයෙන් නිමැවුනු ප්‍රකාශනයක්වූ පන්හිඳක දැවටුණු මතක සිතිවිලි කාව්‍ය සිත්තම,,සාහිත්‍යය මාසයට සමගාමිව මෙම මස 14 දින පෙරවරු 9.30 ට කොළඹ 07 ජයවර්ධන කේන්ද්‍රයේදී ජනගත වීමට නියමිතය.ලේඛක ලේඛිකාවන් රැසකගේ නිර්මාණ දායකත්වයෙන් වර්ණ ගැන්වුන පන්හිඳක දැවටුණු මතකය..දොරට වැඩුමේ උළෙලට ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් රැසක් සහභාගී වීමට නියමිත අතර ආරාධිත දෙසුම් කිහිපයක්ද වේ.සමගාමීව…..,රුවන්ති අබේවික්‍රම ( මනුවා) ලියූමම ඇය හැඳිනගත්තෙමි,නිෂු ගමගේ ලියු ක්ලබ් ඩාන්සර් (Club Dancer ) ,,ශාමලී වසන්තා සුභසිංහ ලියූ ස්වර්ණ තටු,,,චතුභාෂණී අල්විස් ලියුසසරක සේයා සහ වාසනා බාලසූරිය ලියූ පුනර්ජීවා යන නවකතාවන්ද ඒ අතර වේ… ——— අමල්කා දේවින්දි..

Read More

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කෘතහස්ත නීවේදක මහතෙකු මෙන්ම හිත හො‍ඳ මිනිසෙකුද වූසුජීව හරිශ්චන්ද්‍රයාණෙනි,,ඔබවියොවෙන් අපද සැබව්න්ම කම්පාවට පත්වීමු..සුභ ගමන් ම්ත්‍රයා..අපිGalle Face Newsමිතු කැල…!

Read More

කතු සටහනරට සුරැකීමට මොර දෙන්නන් එය හුදෙක් ඡන්ද දිනනු වස් මෙන්ම තම පන්තියෙන් බලය ගිලිහී යාම වලකනු පිණිසම භාවිතා කරන නීච උප්පැරවැට්ටියක් බැව් මෙම ලිපිය ලියන කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන සත්‍යය වෙනුවෙන් හඬ නැගූ වරදට මව්බිම හැරදා යන්නට වුනු පෝද්දල ජයන්තයන් පවසයි..ඔහුගේම අකුරෙන් සිය මුහුණු පොතට ලියු එකී සටහන ඔහුගේම ආශිර්වාදයම මත Galle Face Newsපුවත් වෙබ් අඩවියේ මෙලෙස පලකරන්නෙමු..(කතෲ . Gallefacenews) සතියකට දෙකකට පෙරාතුව රටම දෙවනත් කරවමින් හතර අතේ “සුබ ආරංචිය” පෝස්ටර් ද වපුරවමින් නැටූ “තොවිලය” අවසන් වී තිබේ. ඒ “තොවිලය” අවසන ප්‍රසූත කර ඇත්තේ අංගවිකල වූ ‘මී’ පැටියෙකි. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කේවට්ටයෝ මේ අංගවිකල ‘මී’ පැටියා සද්ධන්ත කුලයේ දිගු…

Read More

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමනට ආණ්ඩු ක්‍රම වයවස්ථාවෙන් ලැබී ඇති බලතල උපයෝගි කරගනිමින්රාජ්‍ය අමාත්‍ය කුට්ටම් දවිත්වයක් සිය ධුරයන්ගෙන් නෙරපනු ලැබ ඇති බවක් ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් ,මාධ්‍ය වාර්තා පළකර තිබේ.ඒ අනුව ඇමති ධූරයන් අත් හරින්නට සිදුවි ඇත්තේවරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ,,විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යඉන්දික අනුරුද්ධ ,,කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යමොහාන් ප්‍රියදර්ශන ද සිල්වා,,,සහමහාමාර්ග රාජ්‍ය අමාත්‍යසිරිපාල ගම්ලත් යන මහත්වරුනටය…

Read More

නව ශ්‍රීලංකාවක් සඳහා වන සිවිල් සමාජ සංවාදයේ අවසන් නිගමනයන් ගොනුගත කිරීමේ සාකච්ඡාවක්අප මුහුණ දෙන ගැටළු හඳුනාගනිමු…යන මැයෙන් මෙම මස 09 දින සවස 3.00 ට ශ්‍රීලංකා පදනමේදී පැවැත්වීමට නියමිතය .තවදුරටත් එකී කතිකාවට සිය අදහස් යොමු කිරීමට නොහැකි අයෙකු වීනම් ඒ සඳහා ප්‍රස්ථාව තව දුරටත් පැවතෙන බව සංව්ධායකයෝපවසති.සිය අදහස්0773295003 වට්සැප් අංකය හරහා හර්ෂ ගුණසේන වෙත යොමුකළ හැකි අතරඅනාගත දේශපාලන හා සමාජ අභියෝගයන් විමසන සංවාදාත්මක සභාවක්ද එහිම මුළු දීමටද නියමිතය..මෙමඅවස්ථාවටමහාචාර්‍යය සිරිමල් අබේරත්න ,නීතිඥ ශිරාල් ලක්තිලකආචාර්ය නිමල්කා ප්‍රනාන්දුසහසිවිල් සමාජ ක්‍රියාකාරීපිලිප් දිසානායක යන මහත්ම මහත්මීන් සම්පත්දායකයින් වශයෙන් එක්වීමට නියමිතය..

Read More