Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..
Author: Praem K
ජාත්‍යන්තර ළමා දිනයට සමාන්තරව පැවැත්වෙන ළමා රාජ්‍ය නාට්‍ය උළෙල අති උත්කර්ෂවත් අයුරින් මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතය .දිනපතා සවස 04.00 සිට සවස 06.00 දක්වා රංගගත කෙරෙන නාට්‍ය සමුච්චයේ කාල සටහන පහතින් දක්වනු ලැබ ඇත…
විශ්‍රාම ගියත් විශ්‍රාම නොගිය රාජ ,රාජිනීයන්ගේ සැප කන්දරාවවැයවන මහජන මුදල්…! පූර්විකාවපෝද්දල ජයන්තරාජ්‍ය මාධ්‍ය ආයතනයක්වූ ලේක්හවුසියේ. සිළුමිණ පුවත්පතේ ලේඛකයෙක් වූවා සේම වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමයේ ලේකම්වරයා ලෙසටද කටයුතු කළේය.රාජ්‍ය මාධ්‍යයක සිටියත් සිය සෘජු කාය විලාශය වක් වන්නට නොදී ඕනෑම ලොක්කෙකු ඉදිරියේ සිරස්ව සිටගන්නට ඔහු .සැමවිටම සමත් කම් පෑවේය..හොරකම,දූෂණය,වංචාව රජාගේද අන්තේවාසිකයාගේද යන්න ඔහුට අනුව වැදගත්වූයේ නැත.උකුසු ඇසක් හිම් ගවේෂණශීලී මාධ්‍යවේදයක නියැළි ඔහුගෙන් මේ කිසිවෙකුගේ සොරාකෑම් වලට රැකවරණයක් ලැබුණේ නැත..මහජන මුදලින් නඩත්තුවන,විමර්ශණාත්මක ගවේෂණශීලි ආරක්ෂක අංශ සහ ප්‍රධානින් නකුට දෙපරැන්දේ හුවා හොරා පොලිස් කරත්දී ඔහුගේ පෑනට නිවනක් නොවීය..එනිසාම දුෂිත රාජ්‍ය ප්‍රධානීන්ගේ තීරණාත්මක උදහසට ලක්වු ඔහුට අත්විඳින්නට සිදුවූයේ සාහසික මරණයේ බිම්කඩ අගිස ජීවිතය නිසොල්මන් කරලීමේ පාදඩයන්ගේ…
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයබණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (27 ) ඇරඹේ… ලියන,කියවන,ප්‍රකාශනයේ නියැලෙන සහෘදයනගේ ආදරණීයවු ආත්මීය ප්‍රකාශනයේ මල්වර අසපුව වු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සිය රිදී ජුබිලිය අද සමරනු ලබයි..අභිමානාත්වික හා ඓතිහාසික මතකයන් තුටුපහටු කරගනිමින් අද සිට පුරා දින දහයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය සාර්ථකව පවත්වාගෙන යාමට ශ්‍රිලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය කටයුතු සම්පාදනය කර ඇතැයි පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිසමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පවසයි.වැඩිම ජන සහභාගිත්වයක් සහිතව ප්‍රදර්ශන කුටි හාරසියයක් ඉක්මවමින් මෙවරද ප්‍රදර්ශනය මුළු දෙනු ඇතැයි පවසන ඉන්දීවර මහතා මෙවර ප්‍රදර්ශනයේ සුවිශේෂත්වයක් ලෙස ප්‍රදර්ශනයෙහි ඇරඹුම සනිටුහන් කරනුයේ දැනට සුජීවත්ව සිටිනා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් බැව් වැඩිදුරටත් පවසා සිටියි.ඔවුනතින්…
මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්… මහා මැතිවරණය ” 24..සඳහා නාමයෝජනා කළ යුත්තේ කෙසේද යන්න පැහැදිළි කරමින් ශ්‍රීලංකා මැතිවරණ කොමිෂම් සභාව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ .1981අංක 01දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වගන්තිය ප්‍රකාරව ස්වාධීන කණ්ඩායම් වලින් ඇපමුදල් තැම්පත් කිරීම, ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළයුතු අපේක්ෂකයින් ප්‍රමාණය ආදිය පිළිබඳව මෙහි වැඩි දුරටත් පැහැදිලිව දක්වා ඇත.
පාස්කු ප්‍රහාරය , බලය උදෙසාම එක කැටකින් කුරුල්ලන් දෙදෙනෙකු ඝාතනය කළ ඝාතතකයන් අවසන සිය දෑත් පිසගනිමින් ඉලක්කය සපුරා ගැන්ම කෙරෙහි වන තුච්ච මෙන්ම අහස පොලොව නොඋහුලවන සාහසික අපාරාධයක්ම බැව් සිදුවීමේ පරිපාටිය කියැවීමෙන්ම තේරුම් ගැනීම අපහසු නොවේ.ජනමනස හැසිරවීමහිලා කොමිසම්,,සිරගතකිරිම්,වගකීම් පැහැරහැරීම්, නිදහස් කිරිම් මේ ඈ කොතෙක් දෑ සිදුවුනද මේ වනවිටත් වින්දිතයනට සාධාරණයක්,යුක්තියක් ඉටුවී නොමැති බැව් ඒතරමටම සැබැවකි.නීතියේ උස් බවින් පිරි සැබෑ සාධාරණත්වයක් හමුවේ විනා මේ නිර්ලජ්ජිත සාහසික ක්‍රියාවනට කිසිදිනෙක යුක්තියක් ඉටුවනු ඇත්ද…?මෙවන් පසුබිමක් තුල සත්‍යය,සාධාරණය,,මනුෂ්‍යත්වය,, ජනවාර්ගික විවිධත්වයේ සංස්කෘතිකමය සමානාත්මතාවය උදෙසා හඬනැගූ වරදට සිය ජිවිතයෙන් වන්දි ගෙවීම වලකනු අරභයා විදෙස් ගතවන්නට යෙදුන ජනමාධ්‍යවේදියෙකු ලියු ගවේෂණාත්මක,විමර්ශණාත්මක හා ආන්දෝලනාත්මක හඬ නැගුම ,,සුනන්ද දේශප්‍රියවිසින් රචිතපාස්කු ඉරිදා…
විජයානන්ද ජයවීරයන් විසින් රචිත සංවිචාරණීය සමාජයක් කෘතියේ දේශපාලනයට නව නැම්මක්පරිච්ඡේදය ආශ්‍රිත කියැවීමක් ඊයේ පෙරවරුවේ මරදාන සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණි..සංවාද සභාව ජීවන්ත පීරිස් පියතුමා, ව්දර්ශන කන්නන්ගර,,,දීපිකා ධර්මසිංහ,,විජයානන්ද ජයවීර,, සහ විමසුම් ධාරාවේ සහෝදරත්වයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති අතර ග්‍රන්ථයේ ඉතිරි පරිච්ඡේදයන්හි කියැවුම හා සංවාදාත්මක හෝරාවන් පිළිබඳව නුදුරේදී දැනුම්වත් කෙරෙනු ඇති..
දිළිඳු සහන වැඩ සටහනක් වන අස්වැසුම ඉදිරියටත් ලබාගැන්මට අවැසි නම් තමනට මනාප වන ලෙස ඉල්ලම්න් අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අස්වැසුම ප්‍රතිලාභීනට අනියමින් බල කෙරෙනා දුරකතන හඬ පටයක් ඔවුන් වෙත මුදා හල බවටත් එය සැබෑවටම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බැවින් කිසියම්වු ක්‍රියා මාර්ගයක නිරත වන්නැයි වන ඉල්ලීමක් රැගත් ලීපියක් ඇෆරල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂමේ සභාපති වරයා වෙත මාධ්‍යයටද පිටපත් සහිතව යොමනු ලැබ තිබේ..
නසා දමමුවමෙනුවර….! ඇස් තියෙන්නෙ හඬන්න,,කඳුළු දරන්නම පමණක්ම නෙවෙයි…ලොව දකින්න..ඉතින් එවන් දැක්මක කළු සුදු වර්ණයන්ගෙන් සිත්තම් වුනු සැබෑ යතාර්ථයේ සොබා රූ දකින්න හැමෝගෙම ඇස් වලට හැකිනම්…ඒ ඇස් ලොවට මහා රහසක් පවසාවි..පරඬැල්,,ඉපල් වුනු ජීවිත මන්දහාසයෙන් පුරවාවි…,මිනිස්සු ජීවත්වෙන්න අපේක්ෂා දල්වන්නෙ එවිටයි..මේ එවන් අවස්ථාවක ජීවිතය ඇස් හරින හෝරාවක් අපේක්ෂාවෙන් ආත්මය අවදිව තබාගත් දිරිය ගැහැනියකගේ අහිංසක ප්‍රාර්ථනය …අද 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්වූ මැතිවරණ ප්‍රචාරක රැලියක් අවසන නිවෙස බලා යන අතර තුර අපට කී කතාවක්..!
සමගි ජන බලවේගයේ රත්නපුර ප්‍රධාන රැලිය පැවැත්වෙමින් තිබියදි එම වේදිකාවට නැගි නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ ඉලක්ක කරගත් විරෝධතාවයක් හමුවේ ඔහුට සිය හෙංචයියන්ද සමගින් වේදිකාවෙන් බැස යන්නට සිදුවිනැයි සමගි බලවේගයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි..කූඩැල්ලන් සේ එල්ලෙන මිනිසුන් සමගි ජන බලවේගයට තවදුරටත් අනවශ්‍යයැයි පවසමින්පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සිය විරෝධය පුංචිනිළමේ වෙත පල කරමින් වේදිකාවෙන් බැසගොස් ඇති අතර එකී විරෝධතාවයෙන් පසු සුසන්ත අමාත්‍යවරයා සිය ආධාර කරුවන්ද සමගින් එම සථානයෙන් පිටව ගොස් ඇත…!
2024 ස්වර්ණ පුස්තක සම්මාන බුහුමන පසුගියදාඅති උත්කර්ශවත් අයුරින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ .සිංහල නවකතාලංකාරයට කෙරෙනා ප්‍රකාශක උත්තමාචාරය ලෙසින් වර නැගුන සම්මාන තේමාවෙන් වර්ණ ගැන්වුනු නිර්දේශිත ග්‍රන්ථ 5 ක් අතුරින් විනිශ්චය මණ්ඩලයේ අවසන් තීරණයට අනුව සරසවි ප්‍රකාශනයක්වූ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලියා කෘතිය ජූරියේ අවසන් ඇගයුමට ලක්ව සම්මානප්‍රාප්ත වීයැ..කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට සමගාමීවශ්‍රීලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කෙරුණු,මෙන්ම සම්පත් බැංකුවේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් පවත්වන්නට යෙදුන මෙම සම්මාන ප්‍රදානය හිටපු මහ කොමසාරිස් වරයකු වන ආචාර්‍යය සසංක පෙරේරා මැතිඳුන්ගේ සහභාගීත්වය පෙරදැරිව සිදුවූ අතර අපේ පොත් ජාත්‍යන්තර භාෂාවන්ගෙන් පලවනු ලැබීම තම නොතිත් ආශාව බැව් සඳහන් කළ ඔහු, ඇවැසි නම් ඒ සදහා අත්වැලක් වීමට වන තමන්…