Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..
Author: Praem K
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සරසවි පොත් කුටිය අසලදී මාධ්‍ය වේදි කල්ප ගුණරත්නට සම්මන්ත්‍රණයේ ආරක්ෂාව බාර රාජ්‍ය කාකි කාරයෙකුගේ අඩම්තේට්ටමට ලක්වීමට සිදුවීමත් ඔහුව අනීතිකව කුරුඳුවත්ත පොලිසියේ රඳවා ගැනීමත් පිළිබඳව සිය විරෝධය දක්වමින් මාධ්‍ය සංවිධානයක් වන ජනමාධ්‍ය සාමුහිකය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ..රාජකාරිය පසෙක ලා ගැතිකම් කිරීමේ වහල් භාවයෙන් පිරි මානසිකත්වයකින් හෙබියාවු ආරක්ෂක අංශයන්හි මනස් හා ක්‍රියාවන්,මහජන හිතවාදී සැබෑ ආරක්ෂක සංස්කෘතියක් කෙරෙහි පීලි ගත කිරීමක අත්‍යාවශ්‍යතාවය මෙයින් පෙන්නුම් කෙරෙනා අතර කාකි රෙදි කඩමාළු ඇඳි කෙසෙල් කොටන්හි යල්පැනගිය ක්‍රියාකාරිත්වයේ පරණ අඩංගුව වහා නිවරදි කළයුතුයැයි වන ඇඟවීමක්ද ජනමාධ්‍ය සාමුහිකයේ කැඳවුම්කරු තිළිණ අලහකෝන්ගේ අත්සනින් යුතු එකී මාධ්‍ය නිවේදනය අවධාරණය කරයි.
ජාතින් අතර සමානාත්මතාවය සහ චෞර පාලනයන්හි දූෂිත ක්‍රියාවන් මෙන්ම ඒහා බැඳුනන් නිර්දය ලෙස සමාජය හමූවේ නිරුවත් කළ වරදට හතර හන්දි කඩා ගැන්මට ලක්ව ඉනිඳු නොනැවතී රාජ්‍යානුග්‍රහ මැරයන්ගේ මරණීය ඇනවුම හමුවේ ජිවිතය බේරාගන්නට යෙදුන ගවේශනාත්මක ජෙයෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මේ මස මුල් සතියේ ලේක් හවුස් මාධ්‍යජාලයේ ඉරිදා සිංහල පුවත්පත වන සිළුමිණෙහි ප්‍රධාන කතෲ ධුරයෙහි නියැලෙන්නට වන බව මාධ්‍ය ආරංචි මාර්ග දනවනු ලබයි..කෙසේවුව රාජ්‍ය හා රාජ්‍යයේ ස්වභාවයන් අභ්‍යාස කර ඇති ශ්‍රීලාංකේය ප්‍රජාව ඔහු බාර ගනු ලබනුයේ තීරණාත්මක වගකීමක් සහ ඔහු මෙතෙක් උපයාගනු ලැබු යසසේ වත්කම උරගා බැලීමක් බව අවබෝධ කර ගෙන සිටිති. කෙසේ වුව සියළු අභියෝග මැද සත්‍යයේ ඉන්ද්‍රඛීලයක් සේ දිසෙන්නට ඔහුට…
ගාසා තීරයේ ලෙබනන ඊශ්‍රායල ආක්‍රමණයටඑරෙහිව පවත්වනු ලබන දැවැන්ත උද්ඝෝෂණයක්උතුර දකුණ සහෝදරත්වයෙ මැදිහත් වීමෙන් කොළඹදී පැවැත්වීමට නියමිතය .2024.10.07දින මධ්‍යහ්න 12.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතින්ගේ ශ්‍රිලංකා කාර්‍යාලයය ඉදිරිපිට පවත්වන්නට යෙදෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලබනුයේඋතුර දකුණ සහෝදරත්වය සහ තවත් සංවිධාන ගණනාවක එකතුවෙනි.
උතුර දකුණ සහෝදරත්වයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා . තිස් වසරක යුද්ධය නිමකළැයි සහ එයම උපයෝගී කරගනිමින් බලලෝභී දේශපාලනයේ නියැලෙන දේශපාලකයන් විසින් මේ මොහොතේත් සිදුකරමින් සිටිනුයේ උතුරේද දකුණේද භේදයකින් තොරව ප්‍රජා පීඩිත දේශපාලනයක නියැලීම බව උතුර දකුණ සහෝදරත්වයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මාධ්‍ය හමුවකදී පවසා සිටියේය .යුද්ධය නිමවී දශකයකටත් එහා කාලයක් ඉක්මවා ගියද යුද්ධය විසින් මතුකළ දේශපාලන කාරණා ඉටු කිරීමට තබා මැදිහත් සිතින් සමාලොචනයක යෙදීමට හෝ බලය හෙබවූ හෝ බලය හොබවනා දේශපාලන අධිකාරින් කිසිවෙක් මේ දක්වා අවංක උත්සහයක හෝ නියැලී නොමැති යැයිද ඔහු චෝදනා කරයි.දේශපාලන විසඳුමක් කෙරෙහි බර අඩි තබනවා වෙනුවට තවමත් දකුණේ දේශපාලනය හා රාජ්‍යය විසින් විශ්වසය තබනු ලැබ ඇත්තේ චක්‍රලේඛ,ගැසට් හරහා…
ලෝක ළමා දිනයේ සතුට රැව්පිළිරැව් දෙන මොහොතක,ලොව කම්පාවට පත්කරවමින් තායිලන්තයේ සිදුවූ අවාසනාවන්ත ඛේදවාචකය දරාගත නොහැකිව මව්වරුන්ගේ හදවත් කීයක් නම් නතරව ඇති ද?තම ආදරණීය සිසුන් සමග එකතුවී සතුට සොයා ගිය විනෝද චාරිකාව අවසානයේදී මාරාන්තික සටනක් බවට පත්කරවමින් තායිලන්තයේ සිදුවූ නීරස සිදුවීම තුළ වීරවරියක් ලෙස දිවිපිදු ඇය මනුලොව දෙව්දුවකි, අවසානයේදී ඇගේ හුස්ම නවතින තුරුම ඇය තම සිසුන් ආරක්ෂා කිරිමට වෑයම් දැරු බව ඇගේ දෑතට තුරුළු ව සිටි සිසුන් සාක්ෂි දරයි.Gun Jom Phalang සමාජ ක්‍රියාකරු පවසන පරිදි හදවතම කඩාවැටෙන දසුනක් බසය තුළ දිස්විය එනම් ගුරුවරියගේ වගකීම මරණ මංචකය දක්වාම ඇය නොපිරිහෙලා ඉටුකර සදහටම දෙනෙත් වසා ගත්තාය.ඇය නමින් kanokvan sriphong වයස අවුරුදු විසිහතරකි පරිත්‍යාගයේ…
බාල බෙහෙත් ආනයනයෙන් චෝදනාවනට ලක්වු එවකට සෞඛ්‍යයේ විෂයභාර අමාත්‍යවරයා හා නිලධාරින් පසුකර යමින් මේ මොහොත වන විටත් තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් බැහැර බෙහෙත් ගෙන්වමින් සිටිනා බව පවසමින් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සම්බන්ධ වෛද්‍යවරුනගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව…..
පාලිගේ සෙනෙහසෙන් කෂේත්‍රයට මතකයන් රැසක් එක්කළ ඈන් මිලිනා රෝෂිනිගේ නවතම ග්‍රන්ථය අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයදි පසුගියදා එළිදැක්විනි.සෝමේ සහ කෙටිකතා නම්වූ එකී කෘතිය ජනගත කිරීමෙන් ලද ඉසිඹුවෙදි Galle Face News අප හා කෙටි සංවාදයකට එක්වූ ඇය විසින් මතු කළ අදහස් හි සංක්ෂිප්තය…
යාපනය දිස්ත්‍රික් හිටපු ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රිවරයා 01 පෙරවරුවේ අභිනව ජනපතිවරයා ජනපති ලේකම් කාර්‍යාලයයේදි හමුවී නවවන විධායක ජනපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාගෙ පත්වීමට සිය සුබ පැතුම් එක්කළ බැව් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.විශේෂයෙන්ම බැඳුම්කර වංචාව වැනි සොරකම් පිළිබඳව ගුණාත්මක විසඳුමක් අධිකරණය මගින් ලබාදෙන තුරු තමන් දේශපාලනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇති බවක් අන්තර් ජාලය හා සබැඳිව ඔහු ප්‍රකාශ කර ඇතැයි සඳහන් .එකී සේදුමෙන් පසු එළඹෙන තත්ත්වයන් මතුයෙහි යළි දේශපාලනයේ නියැලෙනවාද නැද්ද යනු තීරණයකට තමන් පිවිසෙනු ඇතැයි වැඩිදුරටත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇතැයි එකී ආරංචි පවසයි
හිරුගේ ප්‍රභාලෝකනයේ නව්‍ය නාමකරණය… හේලීස් සෝලා හේලීස් ෆෙන්ටන්ස් හිරුගේ ප්‍රභාලෝකනයට පබැඳෙන නව්‍ය නාමකරණයක්!හිරුගේ රශ්මිය සොබාදමෙහි තීවෘතාවය තිරකරන්නට දරන කැපවීම පිළිබඳව එය මවගේ ක්ෂීරය තරමටම ප්‍රභලත්වයක් එක් කරලනු ලැබීමම විශ්වීය යතාර්ථයක්! එකී විශ්වීය යතාර්ථය ඇසුරේ සූර්ය ශක්තිය විශ්වයේ සියළුම ජීව ක්‍රියාවන්ගේ පැවැත්මට ප්‍රතිපෝෂණයට කෙසේ ඉවහල් වනුයේද යන්න පහදනු වස් දැනුම් හා වින්දනාත්මක ආලෝකයක්ව බාල ළමෝ ඇසුරේම ළමා ලොවට පුදාලු සෙනෙහෙ ලියකමක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන වේදිකාවේදී ඉකුත්දා වියමන් වනු දක්නට ලැබිණි. සැබැවින්ම වැඩිහිටියන්,දරුවන්,පාඨකයන්,ලේඛකයන්,මුද්‍රණකරුවන් සහ පොත් ප්‍රකාශකයන් නෙක දනන් එක්වුනු ඒ අසිරිමත් මොහොත උදා කරලූයේ “ඉරමල සහ මීමැස්සා“ ළමා කෘතිය ලොවට මුදාහළ හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා වෙතිනි. සොබාදමේ…