Author: Buddhika Prabashwara

පැෆ්රල් සංවිධානය , මාර්තු 12 ව්‍යාපාරය සමග අත්වැල් බැද ගනිමින් හෙලකුරැ ජාලය වෙතින් ජනවරම මගින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් පිලිබදව තොරතුරු ලබාගත හැකි බව සිය අදහස් දක්වමින් මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් පැෆ්රල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි , සහ දේශෝධය ව්‍යපාරයේ නිශාන්ත ප්‍රතිරාජ් යන අය ඒ පිලිබදව කරැණු පැහැදිලි කරමින්.

Read More

පසුගියදා මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ දි “පුනරැදය උදෙසා ජනතා ව්‍යාපාරය එලිදක්වනු ලැබිය.එම එලිදැක්විමේදි පැවති මාධ්‍යය හමුව අමතමින් “ඩාබිදු සාමුහිකය ” නියෝජනය කරමින් චමිලා තුෂාරි සිය අදහස් දක්වමින්.

Read More

අප්‍රිකානු සුකර උණ රෝගය ඌරන් හට වැලදීම හේතු කරගෙන මෙරට ඇති කරනු ලබන ඌරන් සිටින සියළුම ගොවිපල වල් ලියාපදිංචි කලයුතු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව ඌරැ ගොවිපල්වල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.මේ සදහා එම ගොවිපල වල් හිමියන් ලගම ඇති පශු වෛද්‍ය කාර්යාලයට ගොස් අදාල තොරතුරු නොපමාව ලබාදෙන ලෙසට ඔවුන් වෙත දන්වා ඇති බව එම කාර්යාලය පවසයි.අප්‍රිකානු සුකර උණ රෝගි තත්වය බස්නාහිර පලාතෙන් පලමුව වාර්තා වු අතර පසුව එය උතුරැ මැද, ඌව,වයඹ යන පලාත් වලින් වාර්තා වීමත් සමගම මෙලෙස ඌරැ ගොවි පලවල් පිලිබදව ලියාපදිංචි කිරිම සිදුකිරිමට අදහස් කල බව සත්ව හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව අඩුකලැයි කියන කතාව සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය මේ වන විටත් යොමු වි ඇති අතර 1986 අංක 4 දරණ ජනපති වරැන්ගේ හිමිකම් පනත යටතේ විශ්‍රාම වැටුප, කොළඹ නිල නිවාස ,සහ ලේකම් දීමනාව මේ වන විටත් ගෙවමින් පවතින බව තව දුරටත් සදහන් වේ.සිට අමතරව ඔහුගේ ආරක්ෂාව සදහා පොලිස් නිළධාරින් 180 වක්ද ,පොලිස් රියදුරන් 29 ක්ද සේවයේ යොදවා ඇති බවත් වැඩිදුරටත් සදහන් වේ.විශ්‍රාමික ජනපති වරැන්ගේ වරප්‍රසාද හා හිමිකම් පිලිදව විමර්ශනය කිරිම සදහා කැබිනට් අනුකමිටුවක්ද පත්කර ඇති අතර එහි නිර්දේශ ලද විගස තින්දු තීරණ ගැනීමට නියමිත බවත් තව දුරටත් සදහන් වේ

Read More

දෙදහස් විසිදෙක වසරේ ජනතා නැගිටිමට ගාළුමුවදොර සිට ලාංකීය ජනතාවට පන්නරය වි ඒසටන් ව්‍යාපාරයන් සමග පෙරට එමින් හඩ නැගු බ්‍රිතාන්‍ය ජාතික කතට සාධාරණය මෙතෙක් ඉටු වි නැත.ඒ පිලිබදව ඇය වෙනුවෙන් පෙනි සිටින නිතිවේදි නාගානන්ද කොඩිතුවක්කු නිතිවේදි වරයා කොළඹදි මාධ්‍යය හමුවක් පවත්වමින් ලාංකීය ජනතාවට පවසා සිටින්නේ ඇයට සාධාරණය ඉටුවිය යුතු බවය..

Read More

උතුරැ නැගෙනහිර යුද්ධය අවසන්ව,වසර 15කට වැඩි කාලයක් වසා දමා තිබු පලාලි අච්චුවේලි ප්‍රදාන මාර්ගය ඊයේ දිනයේ සිට යාපනයේ ජනතාවට ගමන්කල හැකි ලෙසට විවෘත කෙරැණි.ජනාධිපති පතිවරයා හා උතුරැනැගෙනහිර ආණ්ඩුකාර වරැ අතර පසුගියදා පැවති සාකජ්චාවන් වලදි උතුරැ පලාත් භාර ආණ්ඩු කාර නාගලිංගම් වේචනායගම් වත්මන් ජනපති වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ගය විවෘත කල බව උතුරැපලාත් ආණ්ඩු කාර කාර්යාලය පවසයි

Read More

දෙමල ජනතාව විසින් ඉහලින්ම සමරනු ලබන දීපාවලී උත්සවය සදහා රාජ්‍යය වැවිලි සමාගම් විසින් වාර්ෂික ලබාදෙන උත්සව දීමනාව රැපියල් දසදහසකින් ඉහල දැමීමට තිරණය කර ඇති බව පැවසේ.මේ අනුව මෙවර දීපාවලී උත්සව සමය නිමිත්තෙන් වතු ආශ්‍රිතව දමිල කම්කරැ ජනතාවට රැපියල් විසිදහසක් ලැබිමට නියමිත බව ත් මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මුලිකවම වැඩකටයුතු වල නිරත වු බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි

Read More

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඔක්තෝබර් මස අවසන් වන විට උද්දමනය 0.5%සිට-0.08% දක්වා අඩුවීමක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.ඔක්තෝබර් මාසයේ දි ආහාර සදහා උද්දමනය 1.0%දක්වා ඉහල ගොස් තිබු අතර සැප්තැම්බර් මාසය වන විට -0.03% දක්වා පහත බැස තිබෙන බවත් ආහාර නොවන කාණ්ඩ සදහා -1.6%ක් උද්දමන අඩු වි ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි

Read More

ලබන වර්ෂයේ අප්ප්‍රේල් මාසය වන තෙක් පොල් හිඟයක් පවතින බව පොල් පර්යේෂණ ආයතනය අනතුරු අගවයි.තව දුරටත් පොල් පර්යේෂණ ආයතනය සදහන් කරන අන්දමට මේ වසරේ පලමු අස්වැන්න කාලය තුල පොග් නිෂ්පාදනය පහත වැටි ඇති බවත් මෙම හිගය කඩිනමින් මග හරවා ගැනිම සදහා පොල් සංවර්ධන අධිකාරිය මගින් පොල් මද ආනයනය කිරිමටද යෝජනා කර ඇත.උෂ්ණත්වය ඉහල යැම නිසා මේ තත්වය උදාවි ඇති බව පොල් පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

Read More