Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..
Author: Buddhika Prabashwara
ඉන්දියාවේ නාගපට්ටම් සිට ලංකාවට ගමන් කිරිම සදහා ලබාදි ඇති යාත්‍රා සේවයට ඇතුලත් වීම සදහා මදුරෙයි පුනලුර් රාත්‍රි සිඝ්‍රගාමි දුම්රිය සේවය කරෙයිකාල් දක්වා දිර්ඝ කර ලබාදෙන ලෙස ඉන්දිය දුම්රිය මගී සංගම් ඉන්දිය රජයෙන් ද ඉල්ලිමක් කර ඇත.මේ වන විට නාගපට්ටි නම් සහ දතුණු ප්‍රදේශයේ හරහා මෙම යාත්‍රා සේවයට එක්විමට ඉන්දීය ජනතාවට සෘජුවම ගමන්කල හැකි දුම්රියක් නොමැති නිසා මෙම ඉල්ලීම කර ඇති බව එම දුම්රිය සංගම් පවසයි.
අසල්වැසි ඉංදියාවේ ජනප්‍රිය වෙමින් පවතින සංචාරක කලාපයක් වු ගෝවා ප්‍රාන්තය ලංකාව ඇතුළු අනෙකුත් රටවල් වල සංචාරක කලාපයන් හා සසදා බලන විට ඒ සදහා පැමිණෙන සංචාරකයින්ට යටිතල පහසුකම් ඉතා අල්පවීම හේතුවෙන් දේශිය හා විදෙස් සංචාරකයින්ගේ පිලිකුලට ලක්ව ඇති බව සදහන් වේ.ඉන්දීය ගෝවා සංචාරක දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ලංකාව වැනි රටවල් වල සංචාරක කර්මාන්තය සමග සසදා බැලීමෙන් නිවැරැදි සංචාරක දර්ශකයන් ලබාගතහැකි බවකි.මෙලෙසට අඩුපාඩු රාශියක් මතුවිම හේතහේතුවෙන් ගෝවා සංචාරක කලාපය තුල සැරිසැරිම සංචාරකයින් ප්‍රතික්ෂේප කරන බවත් ,ලංකාව,තායිලන්තය,වියට්නාමය යන රටවල පිහිටි සංචාරක කලාපයන්ට ඇතුළු විමේ ප්‍රවනතාවයක් පවතින බවද වාර්තා වේ.
අන්තර් ජාතික මුල්‍යය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ ලංකාවට පැමිණි මට නියමිතව ඇති බව සදහන් වේ.මෙම නියෝජිතයින් පිරිස ලංකාවට පැමිණෙන්නේ එම අරමුදලේ පහසුකම් වැඩසටහන යටතේ තෙවන සමාලෝචනය පැවැත්විම සදහා වන බව සදහන් වේ.ලංකාවේ පවතින ආර්ථික ප්‍රතිපත්ති, දැනට පවතින ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතියද මෙහිදි විශේෂ අවධානය යොමුකර න බවත් ,මෙම සමාලෝචනයෙන් පසුව ලංකාවට මීලග වාරිකය නිකුත් කිරිමට නියමිත බව එම ආරංචි මාරිග සදහන් කරයි.
– රැසියානු තානාපති කාර්යාලය ලංකාවේ ජනමාධ්‍ය බහුතරයක් BRICS ලංකා අයදුම්පත සම්බන්දයෙන් පලකරනු ලබන තොරතුරු සාවද්‍ය බව ශ්‍රී ලංතා රැසියන් තානාපති කාර්යාලය නිවේදනය කරමින් ප්‍රකාශ කරයි.එම නිවේදනය මගින් පැහැදිලි කරමින් එම තානාපති කාර්යාලය පවසා සිටින්නේ BRICS ලංකා අයදුම්පත සම්බන්ධයෙන් සලකා බලමින් පසුවන බවත් මෙරට අයදුම්පත්‍ර ය ප්‍රතික්ෂේප කර නැති බවය.නමුත් මෙරට ජනමාධ්‍ය යන් තුල මේ සම්බන්දයෙන් පලවන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍යය බවත් එම තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
යාපනය චුන්නාකම් පොලිස් බල ප්‍රදේශය තුලදි ඇතිවු රිය අනතුරක් හේතුවෙන් වාහන අනතුරුට අදාල වාහනය තුල හිටපු කාන්තාවක් ඒ මොහොතේ වු සිද්ධිය තම ජංගම දුරකථනය මගින් විඩියෝ ගත කරද්දී පොලිසිය විසින් එම දුරකථනය ඉවතට විසිකර ඇයට පහරදිමට උත්සාහ දරා ඇති අතර එම සිද්ධියද ජංගම දුරකථනයක් මගින් විඩියෝගතකල හිටපු පාසල් ගුරැවරයෙකුට සිවිල් ඇදුමින් පැමිණි පොලිසියේ දෙදෙනෙකු විසින් එම දුරකතනයද පැහැරගෙන ගොස් ඇත.සිද්ධිය අපවෙත වාර්තා වන අන්දමට විඩියෝගතකල මුල් කාන්තාව අතහිටපු දරැවාද උදුරා ගැනීමට පොලිසිය උත්සාහ දරා ඇත.පසුව පොලිසිය එම කාන්තාව හා වාහන රියදුරාද අත්අඩංගුවට ගෙන පැය කීපයක් රදවා ප්‍රශ්ණ කර ඇත.මේ සිද්ධිය වාර්තාවු විගස පොලිස් පති වරයා මේපිලිබදව විමර්ශනයක් අරබා එම පොලිසියේ…
කුලියාපිටිය ලමා හා කාන්තා කාර්යංශයේ දි විභාග වෙමින් තිබු පවුල් ආරවුලක් සදහා පැමිණි යුවලේ සැමියාට පහරදීම හේතුවෙන් කුලියාපිටිය මුලස්ථාන පොලිස් පරික්ෂක වජිර ඉන්ද්‍රජිත් දෙසැම්බර් 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. මේ අමානුෂික පහරදිම පිලිබදව, තමා ඉදිරියේදි පහරදුන් බවට එම පොලිසියේ ලමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය විසින් පොලිස් පොතේද සටහනක් ද තබා ඇත. මෙම ස්ථානාධිපති වරයා පසුව අධිකරණයට ඉදිරිපත් වු අතර ඔහුට එරෙහිව කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිවේදින් සියළුම දෙනා පෙනිසිට්මද තවත් විශේෂත්වයක් විය.
හදිසි තාක්ෂණ දෝෂයන් පදනම් කර ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන් ගමන් කිහිපයක්ම නවතා දමා ඇත. එම සමාගම පවසා සිටින්නේ ශ්‍රී ලංකන් සමාගම කෙරෙහි ලාංකීය ජනතාව තැබු විශ්වාසය පළුදු නොකර ගන්නවා සේම මගින්ගේ ආරක්ෂාව ටද ප්‍රමුඛත්වය ලබාදිම පිලිබදව තමන්ගේ අවධානය යොමුකරමින් එය යථාතත්වයට පත් කිරිමට කටයුතු කරමින් සිටින බවයි. තම මගින්ට සිදුවන අපහසු තාවය පිලිබදව සිය කණගාටුව පලකරන බවත් සිය පාරිභෝගික ජනතාවගෙන් නොපමාව සමාව අයදින බවද එම සමාගම නිවේදනය කරයි.
එලබෙන පලාත්පාලන මැතිවරණය සදහා 2025 ජනවාරි මාසයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම බලාපොරොත්තු වන බවත් ඒ සදහා එම කොමිසම සුදානමින් සිටින බව ද වාර්තා වේ. මේ සදහා අවශ්‍ය මුල්‍යය ප්‍රතිපාදන ලබා ගැනිමට මහාභාන්ඩාගාරය වෙත නව ඇස්තමේන්තු වක් ඉදිරිපත් කරන අතර මේ සදහා රැපියල් බිලියන අටක් වැය වෙතැයි එම කොමිෂන් සභාව පවසයි. පෙර ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කර නව නාමයෝජනා කැදවිමට අපේක්ෂා කරන බවද සදහන් වේ.
තව නොබෝ දිනකින් එලබෙන මහ මැතිවරණයේදි චන්දය පාවිච්චි කිරිමේදි අනිවාර්යයෙන් ම වලංගු හැදුනුම්පතක් ලග තබා ගතයුතු වන අතර එය අනිවාර්යයෙන් ම ඉදිරිපත් කලයුතු බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එසේ වුවද තමාගේ ජාතික හැදුනුම්පත නොමැති චන්ද දායකයින් සදහා මැතිවරණ දෙපාර්තමේන්තුවේන් තාවකාලික හැදුනුම්පතක් නිකුත් කරන බවත් එය නොපමාව ලබාගන්නා ලෙසටද වැඩි දුරටත් දව්වා සිටි.
රට හදන අපි එකට..අපි මාලිමාවට යන මැයෙන් නව වෙනිදා දඹුල්ල නගරයේ පැවති ජනහමුවේදි වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ජවතාව අමතමින් පාස්කු ප්‍රහාරය පිලිබදව සුභ දායක පවතත් ඇසීමට ලැබිම වැඩි ඇතක නොවන බව ප්‍රකාශ කලේය.තව දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසා සිටින්නේ සියළුම ජනඝාතකයිින් නිතියේ රැහැනට හසුකර ගන්නා බවත්,රටේ හැම පුරවැසියෙකුටම නිදහසේ ජිවත්වියහැකි වටාපිටාවක් ගොඩනගන බවය.එක්නැගිගොඩ ඝාතනය ,තාජුඩින් ඝාතනය ,පාස්කු ප්‍රහාරය,ලසන්ත වික්‍රමතුග වැනි ඝාතන පිලිබදව ඉතා ඉක්මනින් තොරතුරු අනාවරණය කර ගන්නා බවය.