Author: Buddhika Prabashwara

2024 මහ මැතිවරණය සම්බන්දයෙන් පැෆ්රල් සංවිධානය විසින් සිය නිරික්ෂණ වාර්තාව මිට සුළු මොහාතකට පෙර එලි දැක්විය. පැෆ්රල් මැතිවරණ වාර්තාව එලි දක්වයි..2024 මහ මැතිවරණය සම්බන්දයෙන් පැෆ්රල් සංවිධානය විසින් සිය නිරික්ෂණ වාර්තාව මිට සුළු මොහාතකට පෙර එලි දැක්විය.

Read More

පාර්ලිමේන්තුව නොව උසාවියට පමණක් නොව විදේශ සංචාරයන් වලදි පවා වැදි ජනතාවගේ සංකේතයක් ව කෙටේරිය සහිතව චන්ද පොලට යාමට ඉඩ නොදිම නිසා බලවත් ලෙසට අපහසුතාවයට පත් වු බව තම ජනතාවගේ මුලික අයිතිවාසිකම් චන්ද පල නිළධාරියෙකු විසින් කඩ කිරිම හේතුවෙන් ආණ්ඩුවේ වගකිව යුත්තන්ගෙන් විධිමත් පරික්ෂණ⁣යක් ඉල්ලා සිටින බව ආදිවාසි නායක වන්නිලා ඇත්තෝ පවසයි.මෙම හේතුව නිසා සමස්ත ආදි වාසි ජනතාව ජන්දය පාවිච්චි කිරිමෙන් වැලකි සිටිය අතර මෙම සිද්ධිය ඉතාම පිලිකුල් සහගත බව ආදිවාසි නායකත්වය පවසයි.

Read More

පැවති මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කිරිමෙන් පසු සතියක් ගතවන තෙක් පෙලපාලි යාම තහනම් බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.පා ගමනින්,රථවාහන වලින් පෙලපාලි නොයන ලෙසත් ,පොදු ස්ථානවලදි මහජනයා එක්රැස් වන ආකාරයට විශාල ඩිජිටල් තිර යොදා ප්‍රතිපල නැරබිමට අවස්ථාව උදාකර නොදෙන ලෙසට වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

ආරැගම්බේ සංචාරක කලාපය පිලිබදව මෙරට පමණත් නොව ලෝකය පුරා අනතුරු හැගවිම් ගැන කතාබහට ලක්වු අතර තවමත් ආරැගම්බේ පිලිබදව අවධානය පහව ගොස් නැති බව වාර්තා වේ.එම සංචාරක කලාපය පිලිබදව පැවති අනතුරු හැගවිම ඇමරිකාව සහ ඊශ්‍රායලය ලිහිල් කර ඇති වකවානුවක ඔස්ට්‍රේලියාව පමණක් එය ලිහිල් කර නැති බව වාර්තා වේ.ලංකාවේ ඉහත සදහන් කලාපය තුල තවමත් අවධානය බවතින බවත් එහි සංචාරය කරක ඔස්ට්‍රේලියානු ජනතාව කල්පනාවෙන් සංචාරය කරන ලෙසටත් අනතුරු හැගවිම යාවත්කාලීන කර ඇති බවද වාර්තා වේ.

Read More

පවතින ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම ෂුවර් නැති බවත්,ඇතැම් විට ආණ්ඩුව වසර පහක් වැනි කෙටි කාලයක් පැවතිය හැකි බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.එසේ වුවහොත් තමන් ඉදිරි මැතිවරණ වලට තරඟ කරිමට අදහස් කරක බවද පැවසු අතර ඔහු එසේ ප්‍රකාශ කලේ පොලොන්නරුව විද්‍යලෝක පිරිවනේදි තම චන්දය ප්‍රකාශ කිරිමට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් අමතමිනි.නව රජයේ යහපත් කටයුතු වලට සහය දෙන බවත් රටට අහිතකර තින්දු ක්‍රියාත්මක කල හොත් ඊට එරෙහිව කටයුතු කරන බවද ඔහු පැවසීය.

Read More

නව පාර්ලිමේන්තුව පිහිටුවිමේ පුර්ව කටයුතු සංවිධානය කිරිමට ඇති හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මංඩලයේ සියළුම දෙනාගේ නිවාඩු අවලංගු කර ඇති බව විශේෂ චක්‍රලේඛණයක් නිකුත් කර මින් පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක ඉන්දිරා දිසානායක සදහන් කරයි. මෙලෙස නිවාඩු අවලංගු කර ඇත්තේ එලබෙන 18 වන දා සිට 22 දා දක්වා වන අතර එම වකවානුව තුල සිය කාර්ය මංඩලය අනිවාර්යයෙන් සේවයට වාර්තා කලයුතු බව සදහන් වේ. මෙවර පත්වන නවක පාර්ලිමේන්තු මංත්‍රිවරැනට එහි ක්‍රමවේදයන් පිලිබදව පුළුල් දැනුමක් ලබාදීමට ද නියමිත බවත් මෙහිදි නවක මංත්‍රිවරැ ලියාපදිංචි කිරිමටද නියමිත බව වාර්තා වේ.

Read More

විල්පත්තු රක්ෂිතයේ වෙඩිලතිව් රක්ෂිතයේ අක්කර 168ක් ඉස්සන් ගොවිපලක් ඇරබිම සදහා හිටපු වනජිවි අමාත්‍යය පවිත්‍රා වන්නිආරච්චි ට ලබාදිම සදහා නිකුත් කල ගැසට් පත්‍රය අහෝසි කිරිමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. මෙයට අදාලව පෙත්සම වනජිවි ආරක්ෂක සංගමය,පරිසර යුක්ති කෙන්දුය මගින් ගොනුකර ඇත. මෙම ගැසට්ටුව සදහා අතුරැ තහනමක් නිකුත් කර ඇති අතර එය ලබන ජුලි 29 දා තෙක් දිර්ඝ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතිබව සදහන් වේ.

Read More

ගාලුමුවදොර අරගලය ලොවටම කියු බ්‍රිතාන්‍යය ජාතික කාන්තාව කෙලි ⁣ෆ්‍රේසර්ට තාමත් මව් රටට යාමට නොහැකි වී ඇත.මෙරට තුලද ඇය ජීවිත ආරක්ෂාව පතා ලංකාව තුල රහසේ සැගව සිටිමට සිදුව ඇති පසුබිමක වෛද්‍ය ඥණසේකර විතානගේ ඇයගේ අයිතිය වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා හමුවී ඇයට තම මව්රටට ⁣ගෞරවාවිතව යාමට සුදුසු පරිසරයක් උදා කරදෙන ලෙස ඉල්ලමින් ,ඇයට සාධාරණය ඉටුවිය යුතු බව කියා සිටින අතර එම වෛද්‍යවරයා අප වෙත කියු දේ මෙන්න

Read More