ශ්‍රිලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක් !
විදෙස් අමාත්‍යංශය විසින් සංචාරක උපදේශනයක් නිකුත් කරමින් මැදපෙරදිග කලාපයේ ලෙබනන හා සිරියාවේ ගැවසීම අවධානම් සහගත තත්ත්වයක් බැවින්
මෙම දෙරටෙහි සිටිනා ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනුයේ පවත්නා තත්ත්වයන් පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් හා අවධානයකින් පසුවන ලෙසයි.
සංචරණයේදි මහත් අවධානයකින් පසුවන ලෙසට අවධාරණය කරන විදෙස් අමාත්‍යංශය බීරුට් හි පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය සහ ඩැමස්කස්හි පිහිටි කොන්සල් කාර්යාලය සමග සම්බන්ධතාවන් පවත්වාගෙන යන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියි.