සේනක බටගොඩ
ඒක.
ඇත්තටම ඓශ්චර්යමත් ඓශ්චර්යයක්…!
නව ලොවකට.,
නව තාරුණ්‍යයකට,
ඇත්තටම Next Generation එකට
සිය වියපත් තාරුණ්‍යය,,
ජීවිතය,
නැවුම් සරණියක්ව
මග කියාදුන් පහන් තාරකාවක්ව පරමාදර්ශීයත්වයන් එක්කරනු
ලැබීමම
සැබෑ
වටිනාකමක්…!
එහෙව් ඔබ
අද
අනන්තයටම නෙතු විදා
සමු අරන්…!
මිනිහෙක්..
මිනිහෙක්ව පෙනෙන්න,,කතිකාවක්ව,,
ලාංඡනයක්ව පෙනෙන්න,,දැනෙන්න ගන්න ජීවිත කාලයක්ම වැයකළත් නොහැකි වනවා වන්නට හැකිවුනත්…
සේනක බටගොඩ ගේගෙ ඒ සොච්චම් එහෙත් මහා සාරගර්භවූත්,,
නිශ්චිත සලකුණක් වුත් සංගීතමය ආත්මීය ප්‍රකම්පනය කල්පයක් පුරාවටම හදවත් සන්තානයන් ආඝ්‍රහනය කරනු ලබාවි..
සුපුෂ්පිතවම තියේවි…
එකී සංවේදිත්වය
තප්පරයක් ජිවත්වූ මිනිසෙක් සැබෑවටම කල්පයක්ම ජීවත් කරවාවි.
එනිසාම
නැවත නැවතත්ම
මිනිසෙක් ජීවත්වූවා යැයි දැනෙන්නට කල්පයක්ම ගැහෙන්නට අවශ්‍යම නෑ..
මොහොතක් තම කාර්යයයට,හැකියාවට අවංකවන්න හැකි වූවානම් එයම ප්‍රමාණවත්,,,
ඇත්තටම සේනකගෙ ගීතමය මිහිරියාව
සේනකව සැබෑවටම මතුවුනේම ඔහු ගියාට පස්සෙ
සත්‍යවශයෙන් ම ලාංකේය පසුගාමී සමාජ හැසිරීමේ යතාව ඒක..
මේ ඇත්ත දකින විට
දැනෙනවිට
අපිට අපේ ඇස්වල කඳුළු පිහිදගන්න විතරක් වෙනව පමණක් නම් ,ආත්මය කම්පනය වන්න ගන්නවානම් ඒතමයි පූර්වයවයා සැමදාම ජීවත්වනවා යැයි කියැවෙන යතාර්ථය..
ඒත්…
මේ යතාව ඔහු කියවන්න ඇති.
ඒ සමගම
එය බහුවිධව අපට යළියළිත් කියවන්නට ඉඩ සලසල ඔහු නික්ම ගිහින්..
ඔහු හඬ මාධුර්යය.සංගීතමය උපකර්ණිත භාවමය හඬ සංකලනය,,
මුසුවූ ස්වර මිහිරණය ඇත්තටම කිසිදා විඳ අත් හල නොවන මෙන්ම සාම්පුර්ණිත්වයෙන් උරාගැන්මට නොහැකිවන්නවූ ජීවිත විවරණයක්…
ඒ ජීවනය
ජීවිත විවරණය සේනකට නෙවෙයි..
හෙටට….!
හෙට ජීවත්වන නිර්වින්දිත
මිනිස් කැලට….
ඔව්
නිර්වින්දනය අවදි කරන්නට සමත් සංස්පරණීය මිහිරියාවක් වේවි.
සැබවින්ම එය එලෙසමයි
ඉතින්,,,
නිසල අනන්තයක් සසල් කරන්නට සමත්වූ ස්වර මාධුර්යයේ ගාන්ධර්වයාණෙනි
ඔබට,,
ඇත්තටම සුබ ගමන්..
ප්‍රේම් කුලතිලක