ප්‍රධාන සැමරුම ශ්‍රිලංකාවේ වියට්නාම තානාපතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී…
ආත්මීය පරිත්‍යාගශීලිත්වයේ,
පරමාදර්ශී ආදරණිය ජනතාවකගේත්, සිය දේශය ජාතිය වෙනුවෙන්වූ උදාරම්වු නායකත්වයේත් උත්තුංග කැපකිරීම්, අධිෂ්ඨානයන්, මතුයෙහි ප්‍රංශ,ජපන්,අමෙරිකන් අධිරාජ්යත්වයේ දළදඬුවෙන් මිදීගත් සමාජවාදි වියට්නාමයේ 79 වන නිදහස් සමරුව මෙම මස 4 දා කොළඹ මහජන පුස්තකාලයේදි සමරන්නට යෙදින.
ශ්‍රීලංකා වියට්නාම් සහයෝගිතා සංගමයේ සාදරත්වය පෙරදැරිව රැස්ව සිටි සුබ පතන්නන්ගේ සාමුහිකත්වයද සමගිනි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතාව වශයෙන්
H. E. Trinh Thi Tam
ශ්‍රීලංකාවේ වියට්නාම් නව තානාපතිනිය ඇරයුම් ලැබුවාය.
සමාන්තරව ශ්‍රීලංකා,- වියට්නාම් සහයෝගිතා සංගමයේ සාමාජිකයින් වශයෙන් ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර,,
ලේකම්,,
විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ,,
වියට්නාම් සහයෝගිතා සංගමයේ ලේකම් එස්.සුදසිංහ ,,පාර්ලිමේන්තු මන්ත්‍රී
ඒ.එච්.එම්.ෆවුසි යන මහත්වරුද සහභාගී වූවෝය.
1945 අගෝස්තු විප්ලවයේ ජයග්‍රහණය මත බිහිවු සමාජවාදී වියට්නාම් ජනරජය,,,
වීරෝදාර වියට්නාම් ජනතාවටත්,වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයටහ් ආශ්වාදනීය මතකයන්ව එක්කරලනුයේ ප්‍රංශ ,ජපන් ,අමෙරිකන් රාජ්‍යයන් විසින් තමන් පාගා දැමීමට එරෙහිව සිය මව්බිම නිදහස් කරගැනීමේ අරගලයට අභීතව නායකත්වය දුන් විමුක්ති නායක හෝචිමිං ගේ අප්‍රතිහත ධෛර්යය ,කැපවීම ,අධිෂ්ඨානය හා මුසුව වියට්නාම් ජනතාවට නිදහස් වියට්නාමයක් ගොඩනංවාලීමට සිය ජනතාවත් සමග උරෙනුර ගැටී සිදුකරනු ලැබුවාවූ අනවරත අරගලය නිසාවෙන්මය.
ලොව රටවල් 198ක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන වියට්නාමය අන්තර් ජාතික ප්‍රජාවේ සැම රටක්ම සිය මිතුරකු සේ සලකා කටයුතු කරනු ලබයි.
සිය ආර්ථික මොඩලය වෙළෙඳ පල ආර්ථිකයේ ගුණාත්මක හා හරවත්වු යෙදුම් මත පාදකව සාධනීයත්වයෙන් පුරවනු ලබන බව පවසන වියට්නාමය
එහි ජයග්‍රහණ ආසියානු කලාපයේ පමණක් නොව ලොවපුරාමද මැනවින් ස්ථාන ගත කරන්නට සමත්වී ඇති බව වත්මන අධ්‍යයනයේදී පැහැදිලි කර ගැන්ම කිසිවෙකුටත් අසීරු නොවන
බැව්ද පවසයි..
එහිදී
සිය ශ්‍රීලංකා ආගමනය පිළිබඳවත්,
සිය ජනරජයේ 79 වන සැමරුම පිළිබඳවත් සිය හඬ අවදිකළ වියට්නාම නව තානාපතිනිය මෙසේද පැවසුවාය..
සැප්තැම්බර් මස 2 දා යනු ලොව පුරා සිටින සෑම වියට්නාම් පුරවැසියෙකුටම ඉතා වැදගත් දිනකි.
අපගේ දිවංගත රාජ්‍ය නායක හෝචිමිං
Hanoi හි Ba Dinh චතුරෂ්රයේදී නිදහස් ප්‍රකාශය ඉදිරිපත් කරමින් වියට්නාම් ජනරජයේ උපත සනිටුහන් කලේ 1945 වසරේ මෙවැනි දිනයකදීය..
දූරදර්ශි නායකත්වය සහ නොපසුබට කැපවීම තුළින් අපව නිදහස කරා ගෙනගිය ජනාධිපති හෝචිමිං අප සදාදරණීය නායකයාට මෙම උතුම් අවස්ථාවේදී අපගේ ප්‍රණාමය පුදකරමු. අද අප දන්නා දියුණු වියට්නාමය සඳහා අඩිතාලම දැමූ මිලියන ගණනක් වූ නිදහස් සටන්කාමීන්ට සහ රණවිරුවන්ටද අපි මහත්සේ ගෞරවය පුද කරමු.
සිය අධිෂ්ඨානය තුලින් අද වනවිට
ඉතා වැදගත් සන්ධිස්ථාන ගණනාවක් සාක්ෂාත් කරගෙන ඇත. අපගේ ස්ථාවර දේශපාලන ක්‍රමය හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය අපගේ සංවර්ධනයේ මුල් අඩිතාලම වී ඇත .
ආර්ථික වශයෙන් ,අපි මධ්‍යගත ආර්ථික යක සිට ගතික වෙළෙඳපල ආර්ථිකයකට සංක්‍රමණය වී සිටිමු.
අපගේ දළ දේශිය නිශ්පාදිතයේ වර්ධන වේගය කලාපයේ ඉහළම අගයන් අතරට අඛණ්ඩව ශ්‍රේණිගත වෙමින් වාර්ෂිකව 5-6% අතර වර්ධන වේගයක් සහිතව 2024 දී 7% ක් දක්වා ළඟාවීමට අපේක්ෂිතව සිටී.
වියට්නාමය විදෙස් ආයෝජන සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්වී ඇති අතර මෙම වසරේදී විදේශ ආයෝජන ඩොලර් බිලියන 40 දක්වා ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ..
තවද අප රට ප්‍රධාන හවුල් කරුවන් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් 16ක් ඇතුළු ව්විධ වෙළෙඳ ගිවිසුම් හරහා ගෝලීය ආර්ථිකයට ක්‍රියාකාරීව ඒකාබද්ධ වී ඇත.
ජාත්‍යන්තර වේදිකාවේ ස්වාධීන හා විවිධාංගීකරණය වූ ව්දේශ ප්‍රතිපත්තියක් සමගින් වියට්නාමය සාමය ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා දායක වෙම්න් ගෝලීය ප්‍රජාවේ වගකිවයුතු හා ක්‍රියාශීලි සාමාජිකයෙකු ලෙස මතුවී ඇත.
අපරට මේදක්වා රටවල් 193ක් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගාගෙන ඇතිඅතර UN, ASEAN, APEC, ASEM, හා WTO වැනි කලාඊය සහ ජාත්‍යන්තර සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයෙකි.
දේශගුණික විපර්යාස හා බලශක්ති පරිවර්තනය ඇතුළු ගෝලීය අභියෝග වලට සහයෝගයෙන් නොසැලී මුහුණ දීමට අප කැපවී ඇත.
මෙම ක්‍රියාවලියේදී ශ්‍රීලංකාව ඇතුළු අපගේ ජාත්‍යන්තර සගයින්ගේ සහයෝගය අපි බෙහෙවින් අගය කරන්නෙමු.
අපරට සහ ශ්‍රිලංකාව අතර බැඳීම මිත්‍රත්වයේ සහ අන්‍යෝන්‍යය ගෞරවයේ බැඳීමකි.
වියට්නාමය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගාගත්
රටවල් අතර ශ්‍රීලංකාවද විය.
අවශ්‍ය අවස්ථාවන්හිදී අප එකිනෙකාට සහයෝගය දැක්වූ අතර කාලයත් සමග අපගේ බැඳීම් ශක්තිමත්ව සක්‍රියව ඇත.
මෙරට සාමකාමී බව සහ එහි මිත්‍රශීලි,කාරුණික මිනිසුන් පිළිබඳව මා තුළ දැඩි පැහැදීමක් ඇතිවී තිබේ…
පසුගිය දශක කිහිපය තුළ අපගේ ශ්‍රීලංකීය මීතුරු මිතුරියන් දැක්වූ අමිල මිත්‍රත්වය සහ උපකාර සඳහා මාගේ කෘතඥතාව පළකරමි.
ගෝලීය හා ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද මෑත වසර වලදී අප විවිධ පැතිවලින් සැලකිය යුතු ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා .
ආර්ථික ,විද්යාවහා තාක්ෂණය පිළිබඳව වන ඒකාබද්ධ කමිටුව ,වෙළෙදාම පිළිබඳ උප කොමිෂන් සභාව,
ඇතුළු ද්විපාර්ශවීය යාන්ත්‍රණයන් වෙළෙදාමට පහසුකම් සලසා ඇති අතර කෘෂිකර්මය,බලශක්තිය ,සෞඛ්‍යය, හා අධ්‍යාපනය වැනි අංශයන්හි සහයෝගිතාවය සඳහා නව දොරටු විවර කර ඇත.
අපගේ ද්විපාර්ශවීය වෙළෙදාම හා ,ආයෝජනද අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන අතර සාමාන්‍යය වෙළෙඳ පිරිවැටුම වසරකට US ඩොලර් මිලියන 300ක් පමණ වේ.
අපගේ සංස්කෘතික උරුමය වඩා ගැඹුරු මට්ටමකින් අපව සම්බන්ධ කරයි.
අප ආදරණිය නායකයාට ශ්‍රීලංකාව දක්වන පිළිගැනීම හා ගෞරවය සංඛේතවත් කරමින් කොළඹ මහජන පුස්තකාලයේ පිලිරුවක් තබා ජනාධිපති හෝචිමිං මහතාට ගෞරව කිරීම පිළිබඳව අප මහත් ආඩම්බරයටත් සතුටටත් පත්වුනෙමු.
අප දෙරට ජනයා අතර ඇති බැඳීම් අප සම්බන්ධතාවයේ හරයයි.
ශාස්ත්‍රීය හුවමාරු වැඩ සටහන්,
ව්‍යාපාරික සංසද,හා විවිධ උත්සව හා වියට්නාම් චිත්‍රපට සංදර්ශන වැනි සංස්කෘතික වැඩ සටහන් තුලින් අපි දේශසීමා හරහා හොඳ හිත වර්ධනය කරගෙන ඇත්තෙමු.
අපගේ ද්විපාර්ශවීය සබඳතාවයන්හි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වියට්නාමය හා ශ්‍රීලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 55 වන සංවත්සරය ලබන වසරේදී අපි අභිමන්ව සමරන්නෙමු.
මෙම සුවිශේෂි අවස්ථාවේදි අපගේ මාතෘභූමිය වන වියට්නාමයේ ඉතිහාසය පිළිබඳව ආඩම්බරයෙන් මෙනෙහි කරන අතරම වියට්නාමය හා ශ්‍රීලංකාව යන දෙරටේම සමාජ ,ආර්ථික සංවර්ධනයට දායක වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරමු.
වියට්නාමය හා ශ්‍රීලංකාව අතර පවතින චිරස්ථායි සබඳතා අප දෙරටේම ප්‍රගමණය පිණිස සහයෝගිතාව,සංවර්ධනය හා සමෘද්ධිය කරා යන අපගේ හවුල් ගමනට අපහා එක්වන ලෙස මම අපගේ සියළුම ශ්‍රීලාංකේය මිතුරනට ආරාධනා කරමි.