පැෆරල් මැතිවරණ කොමිෂමට ලියයි…
ජනපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට ආසන්නයේ රාජ්‍ය සේවකයා ඉලක්ක කර ගනිමින් වැටුප් වැඩි කිරීමේ යෝජනාව ක් කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරගැනීම පිළිබඳව ලිපියක් පැෆරල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂම වෙත යොමුකර තිබේ .
එම ලිපිය අවධාරණය කරනා පරිදි රාජ්‍ය නිලධාරින්ද බරපතළ ආර්ථික අර්බුදයක ගිලීසිටිනා පසුබිමෙක ඔවුනට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය ලෙස තමන් කිසිඳු ආකාරයක විරෝධතාවයන් නොදක්වන්නේ වුව එලඹෙන ජනපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ආසන්නයේ රාජ්‍ය සේවකයන් ඉලක්ක කරගනිමින් ලබන ජනවාරි සිට වැටුප් වැඩිකිරීමේ යෝජනාව පෙරට ගැනීම එම නිලධාරිනට සිදුකෙරෙනා බලපෑමක් ලෙස දැක්විය හැකියැයි පවසනු ලැබ තිබේ .
මෙවැනි පසුබිමෙක තැපැල් ඡන්ද ඉලක්ක කර ගනිමින්ම සිදුකරැති වැටුප් වැඩිකිරීමේ යෝජනාව හා බදුගාස්තු අඩු කිරීම පිළිබඳව පැෆරල් ලෙස අපගේ අවධානයට ලක්වී ඇතැයි පවසන එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ,
පසුගිය මාස දෙකහමාර තුල රු,,10000 ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටියද රජය එය හෙළාදැකි අතර,ප්‍රතික්ෂේප කිරීමකින් නොනැවතී රජය ක්ෂණිකව ප්‍රකාශ කළේ එවැන්නක් කිසිසේත්ම කළ නොහැකි බව යැයිද
යෝජිත මෙම වැටුප් වැඩිකිරීම රු,,5000 සිට 50000 දක්වා පරතරයක පවතින අතර එහි සාමාන්‍යය රු..15000 ලෙස සැලකුවහොත් ලක්ෂ 14 ක් වන රජයේ සේවකයනට මසකට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය බිලියන 20 ක් පමණ වන බව පෙන්වා දෙයි.
එය මැතිවරණ දෙකක් පැවැත්විය හැකි මහා ධනස්කන්දයක් බවද පෙන්වා දෙයි.
ඔහු තවදුරටත් තම ලිපියෙන් පෙන්වා දෙන පරිදි ආර්ථික අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක මෙවැනි වැටුප් වැඩිකිරීමක් විමතියට හේතුවක් සේම බදුගාස්තු අඩු කිරීම නිසා අහිමි වන ආදායම උපයාගන්නා ආකාරයද විවාදාත්මක බවක් පෙන්වන බවද ප්‍රකාශ කරයි.
තත්ත්වය මෙවන්වු පසුබිමෙක ජනපතිවරණය මුවවිටේ මෙවැන්නක් ප්‍රකාශයට පත්කිරීම රාජ්‍ය සේවක නිදහස් අදහස් ප්රකාශනයට අනියම් බලපෑමක් ලෙස හැඟෙන බවද ලිපියෙන් මතුකරන පැෆරල් සංවිධානය
මේ පිළිබඳව සුදුසු පරිදි අවධානය යොමන්නැයිද මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටියි..