පොරොත්තු ඇනවුමෙන් ක්ෂණික සේවා ලබාගැනීම හරහා විදෙස් ගමන් බලපත් ලබාගැනීමට සලසා තිබූ පහසුකම නැවත දැනුම් දෙන තුරු නවතා ඇතැයි වාර්තාවේ.
පූර්වයෙන් දැනුම්වත් කර ඉදිරි දිනයක් හා වේලාවක් වෙන්කරගනිමින් අසීමිත කාලවේලාවන් නාස්තියකින් තොරව ගමන් බලපතක් ලබාගැනීමට පැවති පහසුව මේ අනුව තාවකාලිකව ?
නැවතී තිබේ.
අත්‍යවශ්‍ය මෙන්ම හදිසි ගමන් බලපතක් ලබාගැනීම හෝ ඉල්ලීම් කිරීම මේ අනුව නැවතී ඇතිවාක් පමණක් නොව රාජ්‍යයට ක්ෂණිකව ගලා එන්නාවු මුදල් සම්භාරයක් ද ක්ෂණිකව නැවතී තිබේ.
මහජන ආරක්ෂක අමත්‍යවරයාට අනුව දිනකට ආගම විගමනයෙන් නිකුත් කරනු ඇත්තේ ගමන් බලපත් 750 කි.
එය ලබාගැනීමටත් දවස් දෙකතුනක් පාස්පෝට් ගාලේ නිදි වැදිය යුතු තත්ත්වයක් පැවතෙන බව තේරුම් ගැනීමට රූපවාහිනියක් ඉදිරිපිට විනාඩියක් සිට ගැනීම පමණක් ප්‍රමාණවත් වනු ඇත. මුද්‍රණය නොකල හිස් ගමන් බලපත් සීමාසහිත වීමක් මෙහි සමාන්තර කාරණාව බැව් කියවුනත් ඩිජිටල් ගමන් බලපතක් වෙනුවෙන් තෝරා ගත් විදෙස් සමාගමක් පිළිබඳවත් කියවෙනා අතර ඔක්තෝම්බර් මාසයේදි එකී සමාගමේ කාර්යක්ෂමතාව සමාජ ගතවන තුරු දිනකට නිකුත් කරනා ගමන් බලපත් 750 වෙනුවෙන් හොඳම දේ ශක්තිවන්තයාට තේමාව තුල රැඳීමට ජනයාට සිදුවනු ඇත..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..