රාජ්‍ය නායකත්වයේ සේනානායක කිරුළ විවිධාකාරයෙන් අත් හදා බලන්නට යෙදුන නමුත් එවක එජාප නායකයාවු ජේ.ආර් ජයවර්ධනයන්ගේ විවිධවු කෙණෙහිලි කම් මතින් එකී අවස්ථාවට යන මං ඇහිරුණු සේනානායක පරපුරේ සුවිශේෂී පුරුකක් වු රුක්මන් සේනානායක සිය දිවිසැරියට සමු දී තිබේ…
මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක අගමැතිවරයාගේ මුනුපුරෙකු වු ඔහු හිටපු අගමැති වරයෙකු වූ ඩඩ්ලි සේනානායක ගේ ඥාති පුත්‍රයකුද විය.
ඩඩ්ලි සේනානායක හිටපු අගමැතිවරයාගේ හදිසි අභාවයෙන් පසු දේශපාලනයට බට ඔහු දැදිගම අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කරගන්නට සමත් විය.
තම ජෙයෂ්ඨ ඥාතීන් විසින් නිර්මාණය කල එජාපයේ එවක නායකත්වයේ විවිධාකාරවු කෙණෙහිලි කම් වලට ලක්වූ ඔහු පසුව ඩඩ්ලි පෙරමුණ නමින් 1976 වසරේදී සංවිධානයක්ද ගොඩ නගා ගත්තේය.
කෙසේවුවද එජාපය සමගවූ මත ගැටුම් උත්සන්න වීමත් සමග එම පක්ෂයේම දොස්තර ගාමිණී විජේසේකර හා එක්ව වුඩ්ලන්ඩ් මන්දිරයේදී එක්සත් ලංකා ජනතා පක්ෂය පිහිටවු ඔහු පසුව එය විසුරුවා පැරණි මහගෙදරින්ම සිය දේශපාලනය අලුත් කර ගත්තේය.
ඉන් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික් එජාප නායකත්වය දරමින් ජයග්‍රහණ යට පත්ව පරිසර අමාත්‍ය ධූරයද දැරීය.
අසනීප තත්ත්වයෙන් පසුව රෝහල් ගතව සිටි රුක්මන් සේනානායක මහතා සිය දිවිසැරියෙන් ඊයේ 24 සමුගත්තේය.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..