යාවත්කාලීන නොකළ රියදුරු බලපත් අවලංගු වන්නේයැයි සඳහන් මාධ්‍ය වාර්තාවනට කිසිඳු පදනමක් නොමැත්තේයැයි ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යංශයීය ලේකම් රංජිත් රූබසිංහ මහතා අවධාරණය කරයි..
කෙසේවුවද මෙතෙක් යාවත්කාලීන නොකල මිලියන2ක් පමණ වන රියදුරු බලපත් වෙනුවට 2025 පළමු අඩවස තුල
e – රියදුරු බලපතක් හඳුන්වාදීමට මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින බැව් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේය .
මෙරට ප්‍රථම රියදුරු බලපත නිකුත්කරනු ලැබ ඇත්තේ 60 දශකයේදී පමණ වන අතර මේවනවිට මිලියන 12.3 ක් පමණ බලපත් නිකුත්කර ඇතැයි සඳහන් .
60 දශකයේ නිකුත්කරන ලද බලපත්හි කල් ඉකුතුවක් සඳහන් නොවීම තුල එකී රියැදුරු බලපත් යාවත්කාලීන වීමක් නොසිදුවීමේ පසුබිමක බලපත් මිලියන 2 කගේ තොරතුරු යාවත්කාලීන වී නොමැති බැව් අමාත්යංශයයීය ලේකම් වරයා පවසනවා.
මෙම තොරතුරු අනාවරණය වූයේ
ස්ථාවර රටකට රට එක මගකට තේමාවෙන් ජනපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදීයි..
එකී මාධ්‍යහමුවේදි ලේකම්වරයා අනාවරණය කළ පරිදි ප්‍රවාහන ක්ෂේත්රයට අදාල සේවාවන් සියල්ලක්ම ඩිජිටල්කරණය කිරීමක් ඉදිරියේදි අපේක්ෂිත වනවාක් මෙන්ම රියදුරන් සඳහා හඳුන්වා දීමට නියමිත අසාදු හා ස්ථානිය දඩ ගෙවිමට අදාල කටයුතුද අවසන් අදියරේ පවතින බැව් මෙහිදී අවධාරණය කෙරුණා..
මේ අනුව 2025 01.01 දා සිට අසාදු ලකුණු හා ස්ථානිය දඩ ගෙවීම් ඩිජිටල්කරණය වනු ඇති බවත් එකී ක්‍රියාදාමය කඩිනම් කර ගැනීමට රියදුරු බලපත් ලාභීනගේ තොරතුරු අත්‍යාවශ්‍ය බවත් එම දත්තයන් යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දීමක් අපේක්ෂාකරන බැවත් වැඩිදුරටත් පවසනු ලැබුණා..
ඒ සඳහා කිසිවෙක් මෝටර් රථ දෙපාර්තමේන්තුව ට පැමිණීමක් අවශ්‍ය නොවනු ඇතිබවද 2025 මුල් අර්ධය තුල
e ,රියදුරු බලපත් ( e Driving licence ) සේවාවද හඳුන්වාදීම සිදුකෙරෙනු ඇති.
පසුගිය කාලයේදි රියැදුරු බලපත් නිකුත් කිරීමට අදාලව පැවති කාඩ්පත් හිගයද මේ වනවිට මග හැරි ඇති වටපිටාවෙක එකී සේවාවද කඩිනමින් ඇරඹෙනු ඇති බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි ..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..