සංක්‍රාන්ති ප්‍රජාව පිලිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා මීගමුව camelot beach හෝටල් පරිශ්‍රයේදි equal ground සංවිධානය මගින් පසුගියදා පැවැත්විය.
මෙහිදි සංක්‍රාන්ති ප්‍රජාව හෙවත් lgbtiq ප්‍රජාව පිලිබදවත් ,ඔවුන්ගේ මානව අයිතින් පිලිබදවත් මෙහිදි මාධ්‍යය වේදින් වෙත මුලික හැදින්විමක් සිදුකිරිමequal groundvසංවිධානයේ දේශක විනුපමා කාරියවසම් මෙනවිය විසින් පැවැත් වු අතර සංක්‍රාන්ති ප්‍රජාව පිලිබදව මාධ්‍යය වාර්තා කිරිමේදි මාධ්‍යය ආචාර්යධර්ම සුරකිමින් වාර්තා කරන ලෙසටද මෙහිදි දැනුවත් කෙරැණි.
මිට අමතරව සංක්‍රාන්ති සමාජභාවය පිලිබදවත්,එහි මෙරට සහ විදේශිය නිතිමය තත්වයන් පිලිබදවත් සමාජභාවය හදුනාගැනිමේ සහතිකයේ අවශ්‍යතාවය පිලිබදවත් මාධ්‍යවේදීන් දැනුවත් කල අතර එම ප්‍රජාව සම්බන්දයෙන් පුවත් පලකිරිමේදි ඔවුනට අගතිය නොවන ආකාරයට කටයුතු කල යුතු බවත් එහිදි වැඩිදුරටත් සදහන් විය.