උතුර දකුණ සහෝදරත්වයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා .
තිස් වසරක යුද්ධය නිමකළැයි සහ එයම උපයෝගී කරගනිමින් බලලෝභී දේශපාලනයේ නියැලෙන දේශපාලකයන් විසින් මේ මොහොතේත් සිදුකරමින් සිටිනුයේ උතුරේද දකුණේද භේදයකින් තොරව ප්‍රජා පීඩිත දේශපාලනයක නියැලීම බව උතුර දකුණ සහෝදරත්වයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මාධ්‍ය හමුවකදී පවසා සිටියේය .
යුද්ධය නිමවී දශකයකටත් එහා කාලයක් ඉක්මවා ගියද යුද්ධය විසින් මතුකළ දේශපාලන කාරණා ඉටු කිරීමට තබා මැදිහත් සිතින් සමාලොචනයක යෙදීමට හෝ බලය හෙබවූ හෝ බලය හොබවනා දේශපාලන අධිකාරින් කිසිවෙක් මේ දක්වා අවංක උත්සහයක හෝ නියැලී නොමැති යැයිද ඔහු චෝදනා කරයි.
දේශපාලන විසඳුමක් කෙරෙහි බර අඩි තබනවා වෙනුවට තවමත් දකුණේ දේශපාලනය හා රාජ්‍යය විසින් විශ්වසය තබනු ලැබ ඇත්තේ චක්‍රලේඛ,ගැසට් හරහා මර්දනයේ අවි අමොරාලීමට බැව් වැඩිදුරටත් ඔහු මෙහිදි පවසා සිටියේය.