වසරේ සුවිසල්ම පාවහන් සල්පිල මේ වනවිට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පාරිභෝගික ජනතාව වෙත විවෘතව පවතිනවා..
ඔක්තෝබර් 04 සිට 20 දක්වා පුරා දින 17 ක් පාවහන් ක්ෂෙත්රයේ ප්‍රවීනයන්ගේ නිශ්පාදනයන්ගෙන් සැදුම්ලත්ව සහ පාවහන් ව්‍යාපාරිකයන් 500 කගේ එකතුවෙන්,විවිධ නැවුම් ව්ලාසිතාවන්ගෙන් සුසැදිව මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට එහි සංවිධායකයන් කටයුතු කර තිබෙනවා. දිනපතා පෙරවරු 10.00 ට ඇරඹෙන ප්‍රදර්ශනය රාත්‍රී 9.00 දක්වා පාරිභෝගිකයින් සඳහා විවෘතව පවතින බව මේ සම්බන්ධයෙන් Galle Face News අප කළ විමසුමකදී එහි සංවිධායක මඩුල්ල අප හා පවසා සිටියා..
ප්‍රදර්ශනයේ අභිමතාර්ථයන් මෙන්ම දෙවන වරටත් පවත්වන්නට යෙදෙන
K+ ජාත්‍යන්තර පාවහන් සල්පිලේ සුවිශේෂත්වයන් පිළිබඳව අප හා කතා බහක යෙදුනු ප්‍රදර්ශනයේ මුල්‍ය කළමනාකාරිනි දිගනි පනම්බර කියා සිටියේ ඇතිහැකි අයට පමණක් මිළදී ගතහැකි හා ප්රයෝජ්ය කළ හැකියැයි සමාජයේ සම්මත කියැවීම අතික්‍රමණය කරමින් සාමාන්‍ය පොදු මහජනතාවගේ ආශාවන් කැමැත්ත මත පදනම්ව ජාත්‍යන්තර තලයේ සුවිශේෂීත්වයන්ගෙන් පිරි නිශ්පාදන පෙලක් තම ප්‍රදර්ශනයේ පවතින බවකුයි..
සමාන්තරව සැපයුම් කරුවන් සියගණනගේ නිශ්පාදනයන් රැසක් විවිධ මාදිලියන්ගෙන් යුතුව තෝරා ගැනීමට ඉඩසලසා තිබීමත් කෙරෙහි තම සංවිධානය බෙහෙවින්ම සැලකිලිමත් වු බවත් ඇය මෙහිදී වැඩිදුරටත් පවසා සිටියාය .
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..