කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි SCK HOLDINGS ආයතනය සිය සමාජ සත්කාරක මාලාවේ එක් පියවරක් වන ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහන 10 වන වරටත් නොබෝදා ආයතන පරිෂ්රය තුලදී පවත්වන ලදි..
2014 වසරේදී අරඹන ලද මෙම සද් කාර්යයය SCK ආයතනය හා එහි සුබසාධක අංශය නොකඩවාම පවත්වාගෙන එනු ලබන්නක් වන අතර ගෙවුනු වසර 10 පුරා බහුතර ලේ පරිත්‍යාගශීලීන් පිරිසක් සම්බන්ධ කරගනිමින් ජාතික ලේ දීමේ සේවාව වෙත මහඟු දායකත්වයක් දැක්වීමට තම ආයතනයට හැකි විනැයි සුබසාධක සංගමයේ ලේකම් ශෙනාරි කාව්‍යා මහත්මිය මේ සම්බන්ධයෙන් සිය අදහස් Galle Face News වෙත අදහස් දක්වමින් පවසා සිටියාය .
මෙම සද්කාර්යයය හඳුන්වාදෙමින් ඒ සම්බන්ධව මාර්ගෝපදේශකයකු ලෙස උදාර සේවාවක නියැළුන ඩී.බී.ආරියතිලක මහතා මෙහිදි සුවිශේෂී අගයුමකට බඳුන්වීමත් මෙහිදී සිදුවු විශේෂ කාරණාවක් වූ අතර මෙම වැඩසටහන සාර්ථක කරගැන්මේලා නියමු කාර්යයභාරයක යෙදෙමින් සැලකිය යුතු පරිත්‍යාශීලීන් පිරිසක් සම්බන්ධ කරනා බැලීස් ආයතනයද මෙහිදි බුහුමනට පාත්රවිය යුතු බවද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ශෙනාරි කව්යා මහත්මිය අප හා පවසා සිටියාය .
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..