ලෝක ළමා දිනයේ සතුට රැව්පිළිරැව් දෙන මොහොතක,ලොව කම්පාවට පත්කරවමින් තායිලන්තයේ සිදුවූ අවාසනාවන්ත ඛේදවාචකය දරාගත නොහැකිව මව්වරුන්ගේ හදවත් කීයක් නම් නතරව ඇති ද?
තම ආදරණීය සිසුන් සමග එකතුවී සතුට සොයා ගිය විනෝද චාරිකාව අවසානයේදී මාරාන්තික සටනක් බවට පත්කරවමින් තායිලන්තයේ සිදුවූ නීරස සිදුවීම තුළ වීරවරියක් ලෙස දිවිපිදු ඇය මනුලොව දෙව්දුවකි, අවසානයේදී ඇගේ හුස්ම නවතින තුරුම ඇය තම සිසුන් ආරක්ෂා කිරිමට වෑයම් දැරු බව ඇගේ දෑතට තුරුළු ව සිටි සිසුන් සාක්ෂි දරයි.
Gun Jom Phalang සමාජ ක්‍රියාකරු පවසන පරිදි හදවතම කඩාවැටෙන දසුනක් බසය තුළ දිස්විය එනම් ගුරුවරියගේ වගකීම මරණ මංචකය දක්වාම ඇය නොපිරිහෙලා ඉටුකර සදහටම දෙනෙත් වසා ගත්තාය.ඇය නමින් kanokvan sriphong වයස අවුරුදු විසිහතරකි පරිත්‍යාගයේ සංඛේතය ලෙස ලොවම ඇයව අගයයි.මෙය සිදුවූ පළාත uthai thani වයස අවුරුදු තුනේ සිට නවය දක්වා සිසුන් ගුරුවරුන් ඇතුළු පාසල් කණ්ඩායමේ සාමාජිකාවන් හතළිස් හතර දෙනෙකු රැගත් බස් රථය Ayutthaya උද්‍යානයේ සිට phra Ram වෙත යමින් සිටි 6Bang kruay දිස්ත්‍රික්කයේ Noutaburi හි විදුලි උත්පාදන කාර්යාලය අසල vibavadhi Rancity පාර දිගේ දැවී ගියේ තායිලන්තයේ අනාගතය වන රෝස කුසුම් වන් සියුමැලි නොදරුවන් ය,අසල්වැසියන් රංසිටි පාර දිගේ මල් මාලා,කිරි සහ කෙටි කෑම වර්ග පුරවා තබමින් විපතට පත්වූවන් සිහිකරයි.
උදෑසනින් නැගිට අකුරු කල පාසලේ දොරටුව අසල
දහසක් සිහින මැද්දේ පැමිණ සිසුන් පිරිවරාගෙන නැංගේ,බසය තුළ මාරයාද ඇය සමග එකතුවී ගමන්ගත් බව
කිසිවිටෙකත් නොසිතූ ඇය සටනකය ජීවිතය හා මරණය අතර දරාගත නොහැකිව දරුවන්ගේ විලාප නැවතුනා මදක් හදවතම. කඩාවැටෙන කදුලු කැට ගින්නෙන් දැවී යද්දී දරුවන් රැකගැනීමට ගත් උත්සාහය අත්නොහැර තුරුළු කරගෙන පපුවට සාගරයට බිලිවූ විහාරමහා දේවිය ලෙස අග්නි වරුෂාව මැද්දේ නොකියා ම ගිහින් සුරලොව.
මේ,
ලියකම
අපේ
රෆීකා රම්සාන්
සොවුරියගෙන්