හිරුගේ ප්රභාලෝකනයේ නව්‍ය නාමකරණය… හේලීස් සෝලා
හේලීස් ෆෙන්ටන්ස් හිරුගේ ප්රභාලෝකනයට පබැඳෙන නව්‍ය නාමකරණයක්!
හිරුගේ රශ්මිය සොබාදමෙහි තීවෘතාවය තිරකරන්නට දරන කැපවීම පිළිබඳව එය මවගේ ක්ෂීරය තරමටම ප්‍රභලත්වයක් එක් කරලනු ලැබීමම විශ්වීය යතාර්ථයක්! එකී විශ්වීය යතාර්ථය ඇසුරේ සූර්ය ශක්තිය විශ්වයේ සියළුම ජීව ක්‍රියාවන්ගේ පැවැත්මට ප්‍රතිපෝෂණයට කෙසේ ඉවහල් වනුයේද යන්න පහදනු වස් දැනුම් හා වින්දනාත්මක ආලෝකයක්ව බාල ළමෝ ඇසුරේම ළමා ලොවට පුදාලු සෙනෙහෙ ලියකමක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන වේදිකාවේදී ඉකුත්දා වියමන් වනු දක්නට ලැබිණි.
සැබැවින්ම වැඩිහිටියන්,දරුවන්,පාඨකයන්,ලේඛකයන්,මුද්‍රණකරුවන් සහ පොත් ප්‍රකාශකයන් නෙක දනන් එක්වුනු ඒ අසිරිමත් මොහොත උදා කරලූයේ “ඉරමල සහ මීමැස්සා“ ළමා කෘතිය ලොවට මුදාහළ හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා වෙතිනි.
සොබාදමේ විසිතුර විශේෂයෙන්ම සුර්ය ශක්තියේ විපුලත්වය මෙන්ම උපයෝගීත්වයන් පිළිබඳව ධනාත්මක ආකල්ප දරුවන් තුළ වඩවාලීමත් හිරුගේ ආලෝකය පමණක් නොව ශක්ති ප්රභවයන්ගේ ප්‍රභලත්වය විශ්වීයව සියලුම සන්තතීන් බලගන්වනුයේ,පාලනය වනුයේ හා උපයෝගීත්වක් ලෙස ක්රියාකරනුයේ කෙසේද යන්නත් එ නිසාම හිරුට මෙන්ම සොබාදමට,පරිසරයට ආදරය කළයුත්තේ කෙසේද යන්නත් වන සාර සංග්රාහාත්මක සාකච්ඡාමය ඇසුරකට මුල පිරීම හේලීස් ෆෙන්ටන්ස් සිදුකළා වූ මනරම් පරිසර ඇගවුමක් ලෙසද හඳුන්වාදීම වඩාත් උචිත වේ.
එදිනෙදා බලශක්ති අවශ්‍යතාවයේදී පුනර්ජනනීය බලශක්ති භාවිතය කෙරෙහි නැඹුරු වීම සාපේක්ෂව බලන විට ඉතා ඉහළ මට්ටමක පවතින පසුබිමක් තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස හිරු කිරණෙහි උපයෝගීතාවය ලබාගනු ලැබිම කෙරෙහි වන සරල මෙන්ම දැරිය හැකි ආයෝජනයක් වන හේලීස් සෝලා සූර්ය බල මෙවලම් කට්ටලය තුළින් සිදුකෙරෙනා අමිල මෙහෙවර පිළිබඳව ද ඉරමල සහ මී මැස්සා ළමා පොත දැයේ දූ දරුවන්ට තිළිණ වන ඇසුරේ දීම සංවාදයට ලක්වීමත් ඉතාමත් සුවිශේෂී කරුණක් වේ.
මෙකී නවමු වූ කියැවීම මීමැස්සෝ සූර්යකාන්ත මලෙහි රොන්සුණු තවරාලීම තරම් වූ සොඳුරු කාව්යයක්ව වර්ණ ගැන්වීමට අමතරව හිරු පිළිබඳව වන සෞන්දර්යාත්මක චලන රූප සංචලනයන්ගෙන් ප්‍රමුදිතව හිරු ඇසුරේම දරුවන්ගේ මනෝභාවයන් ධනාත්මක නව මානයකට කැඳවා ගැනීමට හැකිවීමත් අවශ්‍යයෙන්ම හේලීස් සෝලා පිළිබඳව වන දේශීය සන්නාමයීය සාකච්ඡාවේ නව පරිච්ඡේදයක් ලෙසට සැලකිය හැකියි.
මෙයට සමාන්තරව ඉරමල ඇසුරෙන්ම හිරුගේ ප්‍රභලත්වය, හිරු කිරණ උපයෝගී කරගනිමින් බලශක්තිය නිෂ්පාදනය කෙරෙහි හේලීස් ෆෙන්ටන්ස් පුනර්ජනනීය බලශක්ති අංශයේ ක්‍රියාකාරිත්වය රටක් ,දැයක්, සමාජයක් හමුවේ ප්‍රමුදිත සේවාවන් සලසනුයේ කෙළෙසක ද යන්නත් ,හිරු එළියෙහි උපයෝගීත්වයෙන් නිමැවෙනා සූර්ය බලශක්ති මෙවලම් සම්බන්ධව සාධුජනයාට දැනුම්වත් කිරීමත් මෙහිදී සිදුවීම සැබැවින්ම අපූර්වත්වයක්.
එ නිසාම ජීවිතේ පුරාවටම නොමිලයේ විදුලිය භුක්ති විඳිමින් විදුලි බිලට ගෙවන මුදල් අනාගතය සඳහා ආයෝජනය කරමින් ජීවිතේ සුව පහසු බව වඩාත් අත්විඳින්නට හේලීස් සෝලා සූර්ය බලශක්ති මෙවලම් කට්ටලය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් හේලීස් ෆෙන්ටන්ස් වෙතින් සිදුකෙරිණි. ඊට සමගාමීව සිය ව්‍යාපාරික අපේක්ෂාවන් අතික්‍රමණය කෙරෙනා ජනතාවාදී ප්‍රජා ව්‍යාපෘතියක් සේ පෙරට ඒමේ සද්භාවනීය අපේක්ෂාවන් පිළිබඳවත් මෙහිදී ඉඟි පළ කිරීමක් සිදු වූ අතර නිරන්තරයෙන් පාරිභෝගිකයන්ට වඩාත් හොඳම දේ සමීප කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩාත් සුවපහසු කරවීම සේම පාරිභෝගිකයන් කෙරෙහිවන විශ්වසය,වගවීම සහ වගකීම පිළිබඳව වන මානවවාදී දැක්ම ඉතාමත් පොහොසත් තලයකට ඔසවා තැබීමක් ලෙසටද මෙය හැඳින්වීමටද හැකිය.
කෙසේ වුවද හේලීස් ෆෙන්ටන්ස් සමාගම ළමාවරුන් ඇසුරේ නව චින්තනාත්මක පිවිසුමක් ලෙස අනාගත පරපුර තිරසාර බලශක්තිය කෙරෙහි නැඹුරු කර ඔවුන්ගේ කුතුහලය පුබුදුවාලමින් අනාගත බලශක්ති අවශ්‍යතාවය උදෙසා තිරසාර විසඳුම සපයමින්ම සූර්ය බලය අනාගත බලශක්ති අවශ්‍යතාවයේ හොඳම විසඳුම බවට අවබෝධ කර රටේ අනාගතය භාර ගැනීමට බිහිවන අනාගත නායකයන් තුළ පාරිසරික භාරකාරීත්වය භාර ගැනීමට දිරිගැන්වීම උදෙසා වන අඩිතාලමකට මුලපුරන්නක් මෙම කෘතිය එළි දැක්වීමත් සමඟින්ම සිදු වූ බව ද දැනුමෙන් පරිපූර්ණ අනාගත පරපුරක් අනාගත ලෝකයට දායාද කොට දීමට සෞන්දර්යාත්මක රස කලසකින් හෙබි ළමා සාහිත්යකරණයකට පිවිසීමත් මුඛ්‍ය කාරණයක් සේ සැලකූ බව ද ආයතන කළමණාකාරිත්වය GalleFaceNews අප කළ විමසුමකදී සඳහන් කරනු ලැබීම ළමා සාහිත්‍යයේ ප්රගමනයට නැවුම් අපේක්ෂාවන් පුබුදින්නක් මෙන්ම ආශ්වාදනීයත්වයක්ද එක් කරනු ලබන්නක්!
ළමා කෘතියකින් ස්වභාවික බලශක්ති ප්‍රභවයක විශ්මිත බව ගෙනහැර පෑම සේම පුනර්ජනනීය බලශක්තීන් පිළිබඳව පොදු මහජනතාවට පැහැදිලි පණිවිඩයක් ගෙන යාමම විකල්ප බලශක්තීන් කෙරෙහි නව මානයකින් යුතුව ග්‍රහණය කර ගැනීම කෙරෙහි වන ස්වයං අධ්‍යයන ක්‍රියාවලියක ඇරඹුමක පූර්වගාමි සංඥා එළිපහන් කිරීමක් ලෙසද දැක්විය හැකියි.විවිධ විෂයයන් කෙරෙහි ආශක්තව වඩාත් ලාභදායි හා පරිසර හිතකාමී උපයෝගීත්වයක් ළමාවියේ සිටම අභ්‍යාස කරන්නට පෙළඹවීමක ළමා මනෝ විද්‍යාත්මක ගවේශනයකින්ද පිරිපුන් මෙවන් ළමා සාහිත්‍ය කෘති පරිශීලනය අනාගත සශ්‍රීකත්වයේ අරුණැල්ලේ ප්‍රභාමත් බවින් ළමා මනස පෝෂණය කරවන්නක්ද බැව් මේ සම්බන්ධව විමසිලිමත් වීමේදි කැපී පෙනෙනා ප්රමුඛ කාරණාවකි.
ඉරමල සහ මීමැස්සා කෘතිය ජනගත කිරීමේ සද්භාවනීය එළැඹුමට හේලීස් ෆෙන්ටන්ස් කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක , ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර , උප සභාපති චන්දු හපුතන්ත්‍රි සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නාමල් රත්නායක මහතා ඇතුළු ප්‍රභූවරුන් සමූහයකගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණ අතර කෘතියේ මුල් පිටපත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා විසින් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයාට සහ ආරාධිත අමුත්තන්ට හා උත්සව අවස්ථාව සඳහා සම්බන්ධ වූ පාසැල් දරුවන් ඇතුළු විශාල පිරිසක් වෙත ලබා දීමක් ද සිදු විය.
එසේම මෙම ළමා කෘතියේ පිටපත් 10,000කට අධික ප්‍රමාණයක් දැනටමත් නිකුත් කර ඇති අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හේලීස් සෝලා ප්‍රදර්ශන කුටිය වෙත පැමිණෙන්නන් හට ඔවුන්ගේ විදුලි බිල්පතක් ඉදිරිපත් කිරීමෙන් නොමිලේ ඉරමල සහ මීමැස්සා ළමා කෘතියේ පිටපතක් ලබා ගැනීමේ හැකියාව ද සලසා දී තිබුණි.
සටහන
ප්‍රේම් කුලතිලකකාචය
බී.ප්‍රභාෂ්වර