කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අද (27 ) ඇරඹේ…
ලියන,කියවන,ප්රකාශනයේ නියැලෙන සහෘදයනගේ ආදරණීයවු ආත්මීය ප්රකාශනයේ මල්වර අසපුව වු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සිය රිදී ජුබිලිය අද සමරනු ලබයි..
අභිමානාත්වික හා ඓතිහාසික මතකයන් තුටුපහටු කරගනිමින් අද සිට පුරා දින දහයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ප්‍රදර්ශනය සාර්ථකව පවත්වාගෙන යාමට ශ්‍රිලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය කටයුතු සම්පාදනය කර ඇතැයි පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති
සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පවසයි.
වැඩිම ජන සහභාගිත්වයක් සහිතව ප්‍රදර්ශන කුටි හාරසියයක් ඉක්මවමින් මෙවරද ප්‍රදර්ශනය මුළු දෙනු ඇතැයි පවසන ඉන්දීවර මහතා මෙවර ප්‍රදර්ශනයේ සුවිශේෂත්වයක් ලෙස ප්‍රදර්ශනයෙහි ඇරඹුම සනිටුහන් කරනුයේ දැනට සුජීවත්ව සිටිනා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් බැව් වැඩිදුරටත් පවසා සිටියි.
ඔවුනතින් සිදු කෙරුණාවු අප්‍රතිහත ධෛර්යයයේ ප්‍රතිපලයක් ලෙස බිහිවුනු මෙම පොත් ප්‍රදර්ශනයේ ප්‍රණාමය ඔවුන් වෙත පුද කරලීමත් මුඛ්‍ය අරමුණක්ව සිය 25 වන සංවත්සරය සැමරීම මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් යැයිද සිය සතුට සහභාගිත්වයන් හා බෙදා ගනිමින් සභාපතිවරයා පවසා සිටියේය .
එමෙන්ම ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ හා පොත් ප්‍රදර්ශනයේ ඉතිහාසය අළලා සංගමයේ දිර්ඝ කාලින ලේකම්වරයෙකු සේම සභාපති වරයෙක් ලෙස කටයුතු කළ උපාලි වනිගසූරිය විසින් විරචිත ග්‍රන්ථයක්ද මෙහිදී දොරට වැඩුමට නියමිතය.