මාලිමාව දිනවීම අරභයා අසමානතාවයේ සමානත්වයන්ද එක්වෙති..
අරගලයේ මෙන්ම සමාජ ක්රියාකාරිත්වයේදීද මාලිමාව සමග ඒකාත්මික නොවූවන් වුවත් පොදු සමාජ අවශ්‍යතාවය හඳුනා ගනිමින් එළැඹ ඇති තීරණාත්මක හෝරාවේ සමාජමය වගකීම් සිය හිස මත දරාගත් විවිධ විෂයයන්ගේ ප්‍රාමාණික විද්වත් භාවයක් ප්‍රදර්ශණය කරන්නන්ගේ මාධ්‍ය හමුවක් කොළඹ ගුරුමැදුර ශාලාවේදී ඊයේ ( 15 ) පැවැත්විණ..
මාලිමාව අභ්‍යන්තරිකව නියෝජනය නොකරන්නාවු නමුත් පැහැදිලි සමාජ අරගලයක් අපේක්ෂිත විශ්වවිද්‍යාල ආචාර්යය වරුන් ,විචාරකයින්,දාර්ශනිකයින්,මාධ්‍යවේදින් ,ගත්කතුවරුන් සමාජ ක්‍රියාකාරිකයින් මෙන්ම කලාකරුවෝ බහුත්වයක් මෙම සුවිශේෂි අවස්ථාවට එක්වුහ.
දේශපාලන විශ්ලේෂක විදර්ශන කන්නන්ගර , කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ කථිකාචාරිනි ආචාර්යය ගීතිකා ධර්මසිංහ,, මාධ්‍යවේදී කල්‍යානන්ද පෙරේරා,,
සිනමා ව්චාරක ගුණසිරි සිල්වා,, නාට්‍ය අධ්‍යක්ෂක අසංක සායක්කාර,,
ජෙයෂ්ඨ මාධ්‍යවේදි, බීබීසී සිංහල සේවයේ හිටපු වැඩ සටහන් සම්පාදක,,ගත්කරු නන්දන වීරරත්න ,චිත්‍ර හා මූර්ති ශිල්පී අනුර දසනායක, කොළඹ මතකයේ කුමුදු කුමාරසිංහ ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ,
මේ මොහොතේ සමාජයක් බලකරනු ලැබ අයැද සිටිනුයේ නව සමාජ අරගලයක පූර්වාරම්භයක් බවත්,,ප්රතිගාමිත්වීය අදහස් බිමහෙළා ප්රගතිශීලී අපේක්ෂාවන් සන්නද්ධවුනු සමාජයක් කෙරෙහිවන නව්යශිලිත්වයක් තම අපේක්ෂාව බව ඔවුහු කියා සිටියහ..
මේ ඒ සඳහා වන තීරණාත්මක වුත්, අවසන්ම අවස්ථාව බව අවධාරණය කළ ඔවුහු සිය කැමැත්ත මාලිමාව මතම සටහන් කරන්නැයිද ඉල්ලා සිටියහ..
මෙම අවස්ථාවට එක්වූ ඔවුන් දැරූ අදහස් හි සංක්ෂිප්තයහි වීඩියෝ සටහන් පෙලක් අප මාධ්‍යවේදී බුද්ධික ප්‍රභාශ්වර ගේ කැමරාවට හසුව
පෙල සටහනක්ව මෙසේ පල කරන්නෙමු…