මෙරට සහ ලොවපුරා ඉස්ලාම් භක්තික සහෝදරත්වය විසින් සුවිශේෂී අගයුමකට බඳුන් කරනු ලබන්නාවු නබිනායක තුමාගේ උපත සමරනු වස් අප සහෝදර මාධ්‍යවේදිනි Ruffeeka Ramzan විසින් Gallefacenews වෙනුවෙන්ම අකුරු කෙරූ මෙම සටහන ජාතීන් අතරවන සමානාත්මතාවයේ ගරුත්වයටද උත්කර්ෂයයක් වන අභිලසින් මෙසේ පල කරමු..
මුහම්මද් නබිතුමා ක්‍රි.ව.571දී මක්කා නගරයේ උපත ලබා ඇත.එතුමා ඉපදෙන විට පියා මියගොස් සිටි අතර එතුමා ඉපදී මාස හයකට පසු මවද කළුරිය කලාය,ඉන්පසු එතුමා තම සීයා වන අබ්දුල් මුස්තලිෆ් ලග හැදී වැඩුනේය,මෙතුමා ඉබ්රාහිම් නබිතුමාගේ පුත් ඉස්මායිල් පරම්පරාවෙන් පැවත එන්නෙකි,මෙතුමා අල්ලාහ් දෙවියන් පහළ කල අවසාන වක්තෘවරයා වන්නේය.තම නිවසේ සේවය කල මෙහෙකරුටවත් වචනයෙන් හෝ සිත නොරිදන කාරුණික හදවතක හිමිකරු වූ එතුමා තරම් මිනිස්සු අතරට පැමිණි දූතයෙකු සිටිදැයි සිතෙන තරමට නබිතුමා මනුෂ්‍යත්වයේ මුදුන් මුල්කඩකි.එතුමා ඉතා සරල ජීවිතයක් ගත කලේය අප ඉස්ලාම් භක්තිකයන් ලෙස නබිතුමා ආදර්ශමත් වීරයෙකු ලෙස සලකමු එමෙන්ම මයිකල් .එච්. හැට් රචිත “100 Most influential people in the world “කෘතියෙහි නබිතුමගේ නම මුලින්ම සදහන් කර ඇත.එයට හේතුවද නබිතුමාගේ යහපත් ජීවන රටාවයි.එතුමාට ලැබී ඇත්තේ දේව පණිවුඩයක් බව බොහෝ විද්‍යාඥයෙන් සිය ප්‍රකාශ අරා සනාථ කර ඇත උදාහරණයක් ලෙස මහාචාර්ය කීර්ති මුවර් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ දූතයෙකු විය යුතු බවද මාචාර්ය මොරිස් බොකෙල් the quran,the bible and modern science කෘතියේ සඳහන් කරනුයේ නබිතුමා කුරාණයේ දක්වා ඇති කරුණු දේව වදන් මිස එතුමාගේ වදන් නොවන බවය මින් පැහැදිලි වනුයේ එතුමා අල්ලා දෙවියන්ගේ දේව දූතයෙකු බවයි. තවද එතුමා කුඩා කළ අකුරු නොදත් නිසා එතුමාට කියවීමට, ලිවීමට හැකියාව නොතිබිණි දෙවියන් වහන්සේ කුරාණය සම්පූර්ණයෙන් පහල කිරීමට වසර විසිතුනක් ගත කර ඇත ” කියන්න මගේ දෙවියන් පරම පවිත්‍ර උත්තමයෙකි. මාද ඔබ වැනි මිනිසෙකි මම දෙවියන් විසින් එවන ලද ධර්ම දූතයන් කෙනෙකු මිස අන් කිසිවෙක් නොවෙමි” එම වදන් වලින්ම එතුමාගේ සරල භාවය මනාව පැහැදිලි වේ.නබිතුමා ජනයාට ධර්මය දේශනා කරන ලද කාලයේ ජනතාව එතුමාට මෙසේ පොරොන්දු විය, අපි දෙවියන්ට කිසි දෙයක් සමාන නොකරමු, සොරකම් හෝ පරදාර සේවනය වූ නොකරමු, අපගේ ලදරුවන් නොමරමු. කිසිවකු නිර පරාදේ වරදට අසු නොකරමු, කවරෙකු මේවා ඉටු කරද්ද ඔහු ස්වර්ගය තෑගි වශයෙන් ලබයි ඉටු නොකරන අයට සමාව දීම හෝ නොදීම දෙවියන් සතු කාර්යයකි.වර්තමානයේ අප ජීවත් වන සමාජයේද මෙවන් ක්‍රියාවන් බොහෝ සිදුවේ. අපි සෑම ක්‍රියාවක්ම දෙවියන් වහන්සේ වෙත භාරදී සැනසිල්ලේ සිටීමට පුරුදු වී සිටින්නෙමු. මිනිසුන් වශයෙන් අපි එකිනෙකා අතර සාමයෙන් සමඟියෙන් ජීවත්ව සිටීම එතුමාගේ ගුණාංගයේ පළමුවට තිබුණි.එතුමාගේ ජන්ම දිනෙන් සිහි කරන මෙවන් මොහොතක මා නම් කියා සිටින්නේ එතුමා කිසි දිනක ඔහුගේ ජන්ම දිනය සැමරීමට අවසර දී නොමැති අතර එමගින් ආගමික සහජීවනය ඇතිවන්නේ නම් ඉන් එය දෙවියන් වහන්සේ ටම ඔප්පු කල යුතු බවයි මෙමඟින් ද පෙනෙන්නේ නබිතුමාගේ යහපත් සරල ජීවන රටාවයි, එතුමාගේ සරල භාවය අපගේ ජිවිතවලටත් ආදර්ශයක් කර ගනිමින් එකිනෙකා සමග සාමයෙන් සමගියෙන් සතුටින් ජීවිතය විදිමු අර්ථවත් ලෙස.
රෆීකා රම්සාන් .