පොලිසියෙන් හා මැතිවරණ කොමිෂමෙන් බාධා ….!
කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සිසු ක්‍රියාකාරිකයින් රැසක් අත් අඩංගුවට…
නිදහස් අධ්‍යාපනයත් ,නිදහස් සෞඛ්‍යය සේවාවත් රැකගැනීමේ අරමුණෙන් හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට මෙන්ම රාජ්‍ය අනුග්‍රහකත්වයෙන් වේගයෙන් ව්‍යාප්ත කෙරෙනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාවට එරෙහිවත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අන්තර් ව්ශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන්නට යෙදුන උද්ඝෝෂණය අතරතුරදී එහි කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් සහ ශිෂ්‍ය ක්රියාකාරිකයන් රැසක් පොලිස් අත් අඩංගුවට පත්විය.
මැතිවරණය ක් ප්‍රකශයට පත්ව එහි ක්‍රියාකාරකම් ඉදිරියට ගැනෙමින් තිබියදී පෙළපාලි පැවැත්වීම මැතිවරණ නීතිය යටතේ තහනම් ක්‍රියාවක් බැව් මැතිවරණ කොම්ෂමේ නිලධාරියා විසින් පහදා දෙන්නට වූ අවස්ථාවේ සිසුන් හා මැතිවරණ නිලධාරි වරයා අතරත් පොලිසිය අතරත් දැඩි උද්වේගකර හා උණුසුම් තත්ත්වයක් මතුවූ අතර පොලිස් නිලධාරින් සිය බලය තීරණාත්මකව උපරිම තලයකට
ගෙන යනුද දක්නට ලැබිණි.
කෙසේ වුවද ශිෂ්‍යයක් ස්වකීය උත්සහයන් පෙරට ගැනීමට තැත් දැරීමත් සමග උද්ඝෝෂකයන් දුම්රිය ස්ථානය දෙසට පලවා හැරීමට පොලිසිය විසින් කටයුතු කෙරිණ
මෙයින්
සිය ගමන් පහසුව සලසා ගැනීම සඳහා පැමිණි බහුතර මගී ජනතාවක්ද බලවත් අපහසු තාවයට
පත්වෙනු දකින්නට ලැබිණි..