ජෛව විවිධත්වයෙන් උපරිම පොහොසත් බවක් උසුලන ශ්‍රීලංකාව එකී ජෛව විවිධත්වයේ වටිනාකම් පිළිබඳව සැබෑමවූ අවබෝධයකින් හා උවමනාවකින් යුතුව කටයුතු කරන්නේදැයි ප්රශ්ණකාරී වුව රාජ්‍යය විසින් කිසියම් පමණෙකට හෝ ආරක්ෂාකාරිත්වය පතා නීතිගත කරනලද අනපනත් මතින් පෝෂිත ආයතන රැසක් අප සතුව පවතී.
එහිද සුවිශේෂීතම ආයතනයක් ලෙස සැලකෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොබෝදා සිදුකරනු ලැබූ සාමුහික ප්රයත්නයකට අනුව ශ්‍රීලංකාවේ ජෛව සම්පත් මංකොල්ලයනට පැමිණි රුසියානුවන් දෙදෙනෙකු අදාල ජෛව සම්පත්ද සමගින් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට හමුවට පමුණුවන ලැබිය.
නකල්ස් සංරක්ෂිත වනන්තරය , ලෝක උරුම සිංහරාජය,හා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ආශ්‍රිතව ජෛව සම්පත් මංකොල්ල කෑමට පැමිණි රුසියානු ජාතිකයින් මෙලෙස අත් අඩංගුවට පත්ව ඇතිබවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනුයේ..
අත් අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව ශ්‍රීලංකාවට ආවේනික වඳවීයාමේ තර්ජනයට ලක්වූ ආරක්ෂිත උභය ජීවීන් ,උරගයින් ඇතුළු සත්ව විශේෂ 197 ක් පමණ සොයාගෙන ඇතැයි පැවසේ..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..