සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින දූෂණ ,අක්‍රමිකතා ,වංචා හමුවේ සිය අදහස්
ජනගත කිරීමේ වරදට එම කරුණු හෙළිදරව් කළ වෘත්තිකයන්ගෙන් පලිගැනීමේ නිර්දය ක්‍රියාවලියක් වගකිවයුත්තන් ව්සින් පෙරට ගනු ලැබ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි..
කරුණු හෙළිදරව් කරනු ලැබූ සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාධරයන්,වෛද්‍යවරුන් ඉලක්ක කරගනිමින් අවිධිමත් සහ හිතුවක්කාරි ලෙස විනය ක්‍රියාමාර්ග යැයි පැවසෙන ක්‍රියාවන් හා බියවැද්දීම් මේ වන විටත් කරලියට පැමිණ ඇතැයි අවධාරණය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
පාලකයන්ගේ අත්තනෝමතිකත්වයන් හමුවේ සියළු ආකාරයෙන්ම බිඳ වැටී ඇති රටක විවිධාකාරයේ සම්පත් මෙන්ම,,උපකරණ,බෙහෙත් වර්ග අවමව තිබියදී පවා මානව ගරුත්වයේ උපරිමය තුළ රැදෙමින් උපරිම ශඛ්යතාවයෙන් පිරුණාවු ප්‍රජා සෞඛ්‍ය සේවාවක් සිය පෞද්ගලිකත්වයන් පවා පසෙකලා ඉටු කිරීම වෙනුවෙන් වගකිවයුත්තන් දක්වනුයේ මෙවන් ප්රතිචාරයන් නම් ඒ වෙනුවෙන් පිලිතුරු බැඳීමට තමන් කිසිවිටෙකත් උකටලී නොවන බව පවසාලීමට මෙය අවස්ථාවක් කරගන්නා බවද මාධ්‍ය හමුවේ ඔවුහු පෙන්වා දුන්හ.
මෙහි ආරම්භය සනිටුහන් කරමින් අද සැප්තැම්බර් 03 දින දිවයින පුරා සියළු රෝහල් ඉදිරිපිට විරෝධතාවයන් හා උද්ඝෝෂණ ව්‍යාපාරය න් සංවිධානය කර ඇති බවද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අනුව සියළු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි උද්ඝෝෂණ හා විරෝධතා මාලාව 2024.09.03 දින දහවල් 12.00 සිට සවස 02.00 දක්වා රජයේ රෝහල් ඉදිරිපිට පවත්වනු ලබනවා ඇත.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..