ප්‍රියංජලා සෙනෙවිරත්නගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘ ශතවර්ෂ ගණනක නිහඬතාවක්’ ගෝස්තු මස 29 වන බ්‍රහස්පතින්දා පස්වරු 2.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩීමට නියමිත ය . එහිදී ප්‍රධාන දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරියන් විසින් පැවැත්වෙයි .
කිවිඳියක ලෙස විශේෂයෙන් ම ස්ත්‍රීය පිළිබඳ දෘෂ්ටිවාදයක් ඇයගේ කවිය තුළින් දැකිය හැකි වීම සුවිශේෂ ය.මානව චිත්ත අභ්‍යන්තරය ඇය සිය කාව්‍යමය භාෂාවෙන් විශද කරන අපූරුව මෙම කාව්‍ය නිර්මාණය තුළින් දැකිය හැකි ය.
කතුවරිය කොළඹ කාන්තා විදුහලේ ගුරුවරියක වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියත් හදාරා නිමකර දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ නූතන කවිය පිළිබඳව දර්ශනපති උපාධියක් හදාරන්නියකි.