පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාවෙන් නිදහස් අධ්‍යාපනයටත්,,නිදහස් සෞඛ්‍යයටත් සිදුකෙරෙනා අනර්ථයන් පැහැදිලි කරමින් සහ දේශපාලන අනුග්‍රහකත්වයෙන් අරඹන්නට යෙදුනාවු ලයිසියම් පෞද්ගලික විද්‍යාලයට එරෙහි විරෝධතාවයක් පසුගියදා හලාවත රෝහල ඉදිරි පිටදි පැවැත්විණි.
ලාභ ඉපයීමේ අරමුණ පෙරදැරිවම ඇරඹි ලයිසියම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මහජන බදු මුදලින් නඩත්තුවන රෝහලක් ලබාදීමට සහ රෝගීන් භාවිතා කිරීමට එරෙහිව පැවති මෙම විරෝධය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණ…
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයින් පවසා සිටියේ ලාභය අරමුණු කර ගනිමින් පමණක්ම හතු පිපෙන්නාක් මෙන් බිහිකරනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුලින් ගුණාත්මක වෛද්‍ය වරයෙකු බිහි නොවෙන්නාසේම රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පද්ධතිය දියකර හැරීමේ කුමන්ත්‍රණයද මෙමගින් ඉතාමත් වේගයෙන් ඉටු කෙරෙනා බවයි..
මේවනවිට මිලියන ගණනින් ලන්සු තබමින් වෛද්‍ය සිසුන් බඳවා ගනු ලබන බවටත්,ඔවුන්ගේ බඳවා ගැනීමේ පරිපාටිය ප්‍රශ්ණ සහගත බවටත් ඒ හරහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුලින් අනාගතයේදී බිහිවන වෛද්‍යවරයාගෙන් මානවවාදි සහ ගුණාත්මක සේවාවක් ලබනු උගහට වනු ඇතැයිද කරුණු සහිතව ඔවුන් විසින් පෙන්වා දෙන්නට යෙදිණි.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය පෙන්වා දුන්නේ අවම මානව හා භෞතික සම්පත් උපයෝගිත්වයෙන් දැනටමත් සිදුකෙරෙන්නාවු වෛද්‍ය අධ්‍යාපනයේ ඉගැන්වීම් සදහා අවශ්‍යවන ආචාර්යය,,මහාචාර්යය තනතුරු වල හිගතාවයත්, ගොඩනැගිලි ,භෞතික සම්පත් මෙන්ම අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ පුරප්පාඩු කොතෙකුත් තිබියදි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගොඩනගමින් එක්තරා පංතියකට වෛද්‍ය අධ්‍යාපනය මාරුකිරීමේ තැත වහා පරාජය කිරීම ජනතාවගේද වගකීමක් බවයි…
එහිදී නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහාවන බඳවා ගැනීම් සීමා වන බවටත් ඉහළ වැටුප් ගෙවීම මත පෞද්ගලික වෛධ්‍ය පීඨයනට ඇදුරුතුමන්ලා කැඳවා ගනු ලැබීමට නියමිතව ඇත්තේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පද්ධතියෙන් නිසාම දැනටමත් අසීරුවෙන් පවත්වාගෙන යන රාජ්‍ය වෛද්‍ය විද්‍යාල එකතැනම බිඳවැටීමේ අරමුණ රටත් ජනතාවත් අවබෝධ කරගත යුතුව ඇතැයි කරුණු සහිතව පෙන්වා දුන්නේය.
මෙමගින් අවසන සිදුවනුයේ ජනතා බදු මුදලින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වා ගැනීම පමණක්ම නොව නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලයක් වන රාජ්‍ය වෛද්‍ය විද්‍යාල සිසු කෝටාව අවම වීමත් ඒ හරහා සේවාවන් සඳහා නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන වෛද්‍යවරුන්ගේ හිගයක් අනාගතයේදී අනිවාර්යයෙන්ම ඇතිවීමට නියමිත බවත්ය..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..