සම්ප්‍රදායික වාමාංශික දේශපාලන පක්ෂයනට ඉතිහාසය විසින් උරුම කරදුන් ඛේදනීය ඉරණම ශ්‍රීලංකා නිදහස් පක්ෂයටද උරුම වෙමින් පවතින බැව් මේවනවිට පමණටත් වඩා ප්‍රදර්ශනය වෙමින් පවතින බැව් මැදහත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ මැසිවිලි නගති.
1977 සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ දමා 5/6 ක බලයක් අත්කරගත් එජාපය ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආසන අටකට සීමාකළේය. විපක්ෂනායක නායක තනතුර පවා හිමිවූයේ අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණටය.
පක්ෂය එසේ ආසන අටකට සීමා කිරීමෙන් නොනැවතුන එවකට සිටි එජාප නායකයා පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතියද අහිමි කරන්නට කටයුතු කළාටත් නොදෙවෙනි අයුරින් පක්ෂයේම නායක කාරකාදින් මේවනවිට නියමින් හෝ අනියමින් පක්ෂ විනාශ කිරීමට පියවර ගෙන ඇතැයි ඔවුන් චෝදනා කරති.
1977 දි විපක්ෂ නායකත්වයට හෝ ප්‍රස්ථාවක් නොමැතිව බිඳවැටුනු පක්ෂය දේශපාලන සිතියමෙන් මකා දමන්නට ඇටවු කූඨ උපක්රරමයන්ගේ ගිලීගත් පක්ෂයේ දෙටු නායකයෝ මුහුණ සමග අමනාපව නැහැය කපාගන්නා තැනකට තල්ලු වූවෝය.
එහි කූඨප්රාප්තිය වූයේ පක්ෂයේ නිර්මාතෘ වරයාගේ එකම පුත්‍රයා වන අනුර බණ්ඩාරනායක මැදවච්චියේ මෛත්‍රීපාල සේනානායකද කැටුව අනුර මෛත්‍රී පිල ලෙස වෙන්ව කටයුතු කිරීමය..
කෙසේ වුවද මේ වන විට ශ්රීලනිපය වැටී ඇති ආඝාධය පෙර නොවුවිරූ තරම් වූවකි..
අත බිදී පොහොට්ටු විකසිත වීම පසෙක තිබියදී පක්ෂ ලාංඡනය වන අත බෝඩ් ලෑලි තුනකට තබා ඇණ ගසා අහවරය..
පක්ෂ කාර්යාලයයන් සීල් ය
අත
මහ පාරේය.
පක්ෂය දෙකට තුනට කැඩීබිඳී ගොසිනි..
සැබෑවටම එය ඓතිහාසික ඛේදවාචකයක්ම බැව් පාක්ෂිකයන්ගේ අදහස වී තිබේ…
පක්ෂ සාමාජිකත්වයනට යනඑන මං අහිමිව ගෙල වැලලා ගන්නට සිදුව තිබියදී මංමුලා වැල් පෑ ගුනා සේ වන ප්‍රාදේශීය හා දිස්ත්‍රික් නායකයෝ පක්ෂ ලේබලය අලෙවි කරමින් ජනපති රනිල්ගේ නිවෙසේ දේශපාලන කුක්කන් බවට පත්වෙනුයේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් හෝ බඩගෝස්තර වාදය වෙනුවෙන්දැයි ඔවුහු ප්‍රශ්ණ කර සිටිති.
පක්ෂයේ පලු ගලවාගෙන පොහොට්ටු අටවා ගැන්මට කණ්ඩායමක් ක්රියාකළේද සිය ආත්ම වාසිය වෙනුවෙන්ම වූවාසේම මේ වනවිට ශ්රීලනිපය සේදෙන්නේ රනිල්ගේ මඩ වගුරටම වීම තුල කිසිත් කරකියා ගත නොහැකි පාක්ෂිකයාට ගිමන් හල ලෙස පෙනෙනු ඇත්තේ මාලිමාව විය හැකීය.
සමාන්තරව
මෙරු බවට පත්ව
ජිවිතයේ අවසන නිශ්චය කරගන්නා දේශපාලන සතුන් බවට තමන්වම නිර්වචනය කර ගනිමින් මේ සන්ධ්‍යාවේද පසු කියැවෙන දේශපාලන මෙරුන්ද
තුට්ටු දෙකට විකිණෙනු දැකිය හැක.
කළුතර
– ප්‍රියංගනී අබේවීර
ගම්පහ
– ඩයස් බණ්ඩාරනායක
– චමිලද සිල්වා
කොලොන්න.
– ශාන්ත රත්නායක
රක්වාන
– උපාලි චන්ද්‍රසේන
අම්පාර
– අනුර මුණසිංහ
දෙනියාය
– සාගර සුරේන් එදිරිවීර
පොතුවිල්
– විජයමුනි නිපුන සොයිසා
කැලණිය
– තිලක් වරාගොඩ
ලග්ගල
– අසිත වෑගොඩපල