යෝජිත ජනපති අපේක්ෂක වරුනගේ රූපවාහිනි සංවාදය පැෆරල් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන්නේ යැයි එහි කොන්දේසියක් ලෙස ජනපතිවරණ විවාදය අපේක්ෂකයන් හයදෙනෙකුට පමණක් සීමා කරන්නේ යැයිද පැවසෙන අදහස තමන් තරයේ ප්‍රකාශ කරන්නේයැයි මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මාර්තු 12 ව්‍යාපාරය හෙළිකර සිටියේය.
තමන් පූර්වාදර්ශීව 2019 ජනපතිවරණයේදීද දියුණු මැතිවරණ සාක්ෂරතාවයක් අරභයා මෙවන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අයුරුද මෙහිදී ආවර්ජනයට ලක්කෙරිණ.
ජනපති අපේක්ෂකයින් සමබිමකට කැඳවා මහජනතාව හමුවේ ඔවුන්ගේ ප්‍රතිපත්ති, ක්‍රියාදාමයන්, මෙන්ම අනාගත අභියෝගයන් ජයගැනීමේලා ඔවුන් සතු විශේෂඥතාවයන් සම්බන්ධයෙන් ඔවුන් සතු අදහස ජනගත කිරීම මෙවන් සංවාදයක සැබෑ අරමුණ බවද මෙහිදී පැහැදිලි කළ මාර්තු 12 ව්‍යාපාරය…,
එළඹෙන සැප්තැම්බර් 07 දා සියළු මාධ්‍යයනට නිරාවරණව එකී සංවාදය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සජීවීව පවත්වන්නට අදහස් කර ඇතැයිද දන්වා සිටියේය.
ඒ සඳහා මැතිවරණයට තරඟ කරන සියළුම අපේක්ෂකයන් කැඳවන්නට තීරණය කර ඇතැයි පවසන මාර්තු 12 ව්‍යාපාරය. සීමිත කාලයකදී අපේක්ෂකයින් බහුතරයම කැඳවා සංවාදයෙහි යෙදීමේ ප්‍රායෝගික බව විරෝධය පානු ලබන්නන් මැදහත්ව අවබෝධ කරගනු ඇතැයි තමන් අපේක්ෂා කරන්නේ යැයිද පවසා සිටියේය. කෙසේ වෙතත් විරෝධතා දක්වන්නන්ගේ ප්රජාතන්ත්රීය අයිතිය පිළිබඳව තමන් ගරු කරන බවද පවසන මාර්තු 12 ව්‍යාපාරය මැතිවරණයට පෙර අවස්ථා කිහිපයකදී ඔවුන්ව කැඳවා ගනු ලබන්නේ යැයිද අවධාරණය කලේය.
මාර්තු 12 මෙහෙයුම් කමිටුව ලෙස තමන් සියළුම අපේක්ෂකයනට කරනු ලබන්නාවු විවෘත ආරාධනාව වෙනුවෙන් ඔවුන්ගේ කාරුණික ප්‍රතිචාරය මෙම අගෝස්තු 24 දින මධ්‍යහ්න 12 පැයට පෙර පහත ඊමේල් ලිපිනය විමසා ගූගල් පෝරමයක් හරහා තමන් වෙත ලබාදෙන ලෙසද ඔව්හු මෙහිදී ඉල්ලා සිටියහ.
විවාදය සඳහා වන සහභාගීත්වයේ අයැදුම්
march12movement@gmail.com විද්‍යුත් ලීපිනයෙන්
සහ
සම්බන්ධීකාරක :- 0724824460 (සුදාරක අර්ථනායක)
අමතන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින මාර්තු 12 ව්‍යාපාරය සිය මාධ්‍ය හමුවට
කැඳවුම් කරුවන් ලෙස නදිශානි පෙරේරා සහ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මෙන්ම මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන මංජුල ගජනායක, නිශාන්ත ප්‍රීතිරාජ් ඇතුළු මෙහෙයුම් කමිටු සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙකුද මේ අවස්ථාවට එක්ව සිටියහ.