ජනපතිවරණයද ඇතුළුව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදි සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සිය රාජකාරි ස්ථානයට යාබද ඡන්ද පොලකදි සිදුකිරීමට අවස්ථාව ලබාදෙන්නැයි ආයෝජන කලාප සේවක,සේවිකාවෝ මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටිති.
මේ බැව් සඳහන් විශේෂ සංදේශයක් මැතිවරණ කොමසාරිස් වරයා වෙත බාරදීමට තමන් මැදිහත් වු බව ආයෝජන කලාපයන්හි සේවාවන්හි නිරත කම්කරුවන්ගේ අයිතීන්,සුබසාධනයන් වෙ
නුවෙන් පෙනී සිටිනා,වෘත්තීය සමිති,සිවිල් සංවිධාන බහුතරයක් විසින් ප්‍රකශ කරන්නට යෙදින.
පවතින ප්‍රවාහන දුෂ්කරතා,අවම නිදහස් කිරීමේ කාලයන්, ආදි සේවකයනට බලපාන තීරණාත්මක කාරණා මෙකී ඉල්ලීමට බලපෑ ආසන්නතම කාරණා වන අතර මේ වනවිට තම ගම් පියසෙන් බැහැරව ලක්ෂ ගණනක් වන ශ්‍රමික ප්‍රජාවක් කටුනායක,බියගම,සීතාවකපුර,වතුපිටිවල,මීරිගම ආදී ආයෝජන කලාපයන්හි සේවය කරනු ලබයි..
ආයෝජන කලාපයන්හි සේවයේ නියුතු ශ්‍රමිකයන්ගේ වෘත්තීය අයිතීන් සුබසාධනයන් ,නීති කටයුතු වෙනුවෙන් පෙනීසිටිනා වෘත්තීය සමිති ,සිවිල් සංවිධාන නියෝජනයන් වන දාබිඳු සාමුහිකය,ස්ටෑන්ඩ් අප් මූව්මන්ට්,,ශ්රමාභිමානි කේන්ද්‍රය,මානව විමුක්තිය උදෙසා සංවර්ධන මධ්‍යස්ථානය,වානිජ හා කාර්මික සේවා සංගමය, ඇතුළු වෘත්තිය සහ බහුජන සංවිධාන රාශියක් මෙම ඉල්ලීම කළ බව එම සංවිධාන පවසයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..