නිදැල්ලේ සැරිසරමින් සිටියදි පසුගියදා බකමූණ ,දමනයාය,දම්පුරගම දී මෘග්ධ ලෙස ඝාතනයට ලක් කරනු ලැබුවාවූ 35 හැවිරිදි රාජා නමැති හස්තිරාජයාගේ මරණකරුවන්ව චෝදනාවනට ල ක්වු බකමූණ පොලිසියේ නිලධාරින් තිදෙනෙකුගේ සේවය අත් හිටවනු ලැබ තිබේ.
සද්දන්තයාගේ ඝාතනය පිළිබඳව සිය මුහුණු පොතේ සටහනක් තබමින් පරිසරවේදි ජනක විතානගේ පෙන්වා දෙනුයේ වනසත්ව හා තුරුලතා ආඥා පනත ප්රකාරව වන අලියෙකු කිසිම අයුරකින් මරණයට පත්කිරීමක් හෝ තුවාල සිදුකිරීමක් කිසිවිටෙකත් කළ නොහැකි බවකි..
එසේ වන අලියෙකු මරණයට පත් කළහොත් 20(1) 13 වගන්තිය ප්රකාරව රු..1,50000 කට නොඅඩු 500000 කට නොවැඩි දඩයකට හෝ මේ දෙකටම යටත් විය හැකි බවය…
ඔහුට අනුව වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වන අලියෙකු ඝාතනය සම්බන්ධයෙන් ඇප ලබාදීමට කිසිඳු අවකාශයක් නොපවතී
මේ අතර මේ සාහසික අලි ඝාතනය සම්බන්ධයෙන් Galle Face News
වෙබ් අඩවිය හා කරුණු දැක්වූ RARE සංවිධානයේ පංචාලි පන්නිපිටිය පවසා සිටියේ තමන් මේ පිලිබඳව ජනාධිපතිවරයාද දැනුම්වත් කර ඇති බවය.
මේ සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් අප හා පවසා සිටියේ මුදාහල උණ්ඩයන්ගේ කොපු නඩුභාණ්ඩ ලෙස උපයෝගී කරගනිමින් එකී ඝාතනයේ යෙදුන පොලිස් නිලධාරිනට නිතිය ක්රියාත්මක කර ගැනිමේදී ප්රභල සාක්ෂියක් ලෙස යොදාගත හැකි බවයි..
හස්තිරාජයාගේ අවමංගල්යයේදි ප්රකාශ වුවකි