පැෆරල් වෙතින් මැකෝට ලිපියක්,
ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ තීරණය නිත්‍ය වශයෙන්ම සිදුකෙරෙනා පසුබිමක් තුළ පසුගිය මාස කිහිපය පුරාවට ආණ්ඩුව විසින් සිය රාජ්‍යබලය උපයෝගී කර ගනිමින් විටින්විට මැතිවරණ නිදහසට බලපෑම් සිදුවන අයුරින් විවිධාකාරයේ තීන්දු තීරණ වලට එලැඹි බැව් එකී සිදුවීම් දෙස සුපරික්ෂාකාරී වන ඕනෑම අයෙකුට පැහැදිලිවන්නේයැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂම වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියි..
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍යටද පිටපත් සහිතව යොමු කරනු ලැබුවාවු ලිපිය අවධාරණය කරනා ආකාරයට ඉදිරි අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී රාජ්‍ය සේවක වැටුප රු.දසදහ සකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය සෘජු ලෙසම රාජ්‍ය සේවකයාගේ නිදහස් ඡන්දයේ ප්රකාශනයට තීරණාත්මකව බලපෑම් ඇති කරවනු බවයි. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර වෘත්තිය සමිති විසින් වැටුප් වර්ධකයන් ඉල්ලා කෙතෙක් නම් ආණ්ඩුවට බලපෑම් කලද එසේ කඩිනම් වැටුප් වැඩි කිරීමක් කෙරෙහි උනන්දු වීමට මුදල් නොමැති බැව් පවසා එකී උද්ඝෝෂනයන් මතුකල ඉල්ලීම් පසෙකලෑ අයුරුත් ක්ෂණිකවම රාජ්‍ය සේවකයන් ඉල්ලූ ප්‍රමාණයටත් වඩා ලබාදීමට තීරණය කිරීම රාජ්‍ය නිලධාරින්ගේ නිදහස් මතයට බලපෑම් එල්ල කරනු ලබන බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේවුවද රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීම කෙරෙහි තමන්ගේ විරුද්ධත්වයක් නොමැතිවුවද තීරණාත්මක මැතිවරණයක් ආසන්නයේ එක් අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය එසවීම උදෙසා ගනු ලබන මෙවැනි තීරණ සෘජු ලෙසම නිදහස් මැතිවරණයකට බලපෑමක් විය හැකි බවත් රාජ්‍ය සේවකයන්ේ ප්‍රමාණය රටේ ආර්ථිකය කළමණාකරනයට බලවත් බාධාවක් හෙයි න් එය අඩු කළයුතු
යැයි වරින්වර ප්‍රකාශ කල ආණ්ඩුව මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස රෝහණ හෙට්ටිආරච්චි මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියි..