කිසිවකට කිසිඳු ආකාරයක වගකීම් සහගත බවකින් සහ කිසිඳු හිරිකිතයකින් තොරව විකිණීම පමණක්ම තම ආර්ථික ප්‍රතිපත්තිය කරගත් කෛරාටික රාජ්‍ය භූමිකාවක විකිණීමේ නවතම අවස්ථාව මේ වනවිට කරලියට පැමිණ තිබේ.
රාජ්‍යයේ මහජනතාව සතු සම්පත්,දේපල විකිණීමෙන් නොනැවතී ගුණාත්මක සේවා පද්ධතීන් නිර්මාණය කෙරෙනා ප්‍රමිතිගත ආයතන ක්රමයන් එකිනෙක කඩිනමින් විකිණීම I M F කොන්දේසි වලට එකඟවීම යැයි ගලපා ගත්තද එහි සැබෑ අරුත පාරදෘශ්‍ය අර්ථ ක්රමයක පැවති රාජ්‍යය වත්කම් හා සේවා තම පංතියේ ගජ මිතුරන්ට අතයට ගනුදෙනුවක්ව ලබාදීමත්,,
ක්‍රමිකව දිගුකාලිනව කොමිස් මුදල් හොර රහසේ ගලාගෙන ඒමට ඉඩ සලසා ගැනීමත් බව තව දුරටත් අරුමයක් නොවේ…
මෙහි ආසන්නතම මොහොත ලෙස සම සෞඛ්‍ය උපාධිය කඩාකප්පල් කර එය මුදලට විකිණීම කෙරෙහි වන කාරණාව පෙරට විත් තිබේ.
රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පද්ධතිය දියකර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේදිත් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය,සංවේදි මිනිසුන්, වෘත්තිකයන්, දෙමව්පියන් එකට එක්ව එකී කූඨත්වයට එරෙහිව සැබෑවටම කිසියම්වු ජයග්රහණයන් උදාකරගනු ලැබුවා වුව , රාජ්‍යය ප්‍රතිපත්තිය විකිණීමම වූ පසුබිමෙක එයට එරෙහිව නැගුන විරෝධය සාපේක්ෂව අවම අගයක් සලකුණු කිරීමම සේරිවානිජලාට තම කූඨ ව්යාපෘතීනට අනියමින් බලපත්‍ර ලබා දීමක් වැනියැයි කීම එකී සටනේ උදාරත්වය,ලබාගත් ජයග්‍රහණ කිසියම් අයුරකින් හෝ අවතක්සේරු කිරීමක් නොවේ….
කෙසේවුවද මේවනවිට සිදුව තිබෙනුයේ සිය ජීවිත පවා අළුගෝසුවන් හමුවේ පරිත්‍යාග කර රැකගත් සහ නෙක දුක් කම් කටොළු මධ්‍යයේ නිර්මාණය කරගත් ප්‍රමිතිගත වෛද්‍යවරයා ගේ අධ්‍යාපනික වටිනාකම මේවනවිට දුහුවිල්ලකටවත් තරම් නොදී කෙනෙහිලිකමට ලක් කිරීමය.
මේවනවිට එකී ඛේදවාචකයට සමාන්තරව සමසෞඛ්‍ය සේවා උපාධියටද
ලබ්බට තැබු අත පුහුලටද තබා තිබේ..
සමසෞඛ්‍ය උපාධියද මුදලට විකිණීමේ ක්‍රම වේදය වේගයෙන් පෙරට ගනිමිනි.
මෙහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සමසෞඛ්‍යය අධ්‍යාපනයේ ගුණාත්මක දියකර හරිමින් එකී සේවාවේ,උපාධියේ විශිෂ්ඨත්වය කෙළෙසා දැමීමට හා එයම හෝ වෙනත් උපමානයන් උපයෝගි කරගනිමින් මෙකී උපාධිය තොග වෙළෙදාමේ පදික වේදිකාවට ගෙන ඒමට පාලක්යන් විවිධ ක්රමයන් අත් හදා බලමින් සිටිති..
භූමියේ සිදුවන එකී තත්ත්වයන් විසින් සියල්ලක්
නිර්වින්දනය කර ඇති පසුබිමෙක
සම සෞඛ්‍ය විද්‍යාපීඨ පේරාදෙණිය ශිෂ්‍ය සංගමය වශයෙන් මෙකී අභියෝගයනට මුහුණ දීම උදෙසා පෙරට විත් තිබේ.
සම සෞඛ්‍ය උපාධිය මුදලට අලෙවි කිරීම පිළිබඳව ඔවුන් දරන්නාවු අදහස සංක්ෂිප්තව මෙලෙස දක්වනු ලැබ ඇති අතර නිදහස් අධ්‍යාපනයේත්,නිදහස් සෞඛ්‍යයේත් හෙට දවසේ ඉරණම යම්පමණෙකින් හෝ අවබෝධ කරගැන්මට මෙකී කාරණාද කිසියම් පමණෙකින් හෝ ඉවහල් වනු ඇත.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න :- https://www.facebook.com/share/p/fLjtdTe7s4LJxQ5s/?mibextid=xfxF2i