අප්‍රිකානු කලාපයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස වර්ධනය වී ඇති M Pox හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් තම සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය හා රාජ්‍ය බලධාරිනගේ දැඩි අවධානයට ලක් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අප්‍රිකානු කලාපයෙන් ඔබ්බෙහි ඇති ස්වීඩනයෙන් පවා රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති පසුබිමෙක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන්නැයි ඉල්ලා සිටි බවද මෙහිදී අනාවරණය විය.
විශේෂයෙන් ස්පර්ශයෙන් ,, බිඳිති මගින් මෙන්ම ලිංගික චර්යාවන්ගෙන්ද මෙය පැතිරීමේ සීඝ්‍රතාවයක් පවතින බැව් අවධාරණය කළ හෙතෙම මෙම රෝගය ශ්‍රි ලංකාවට පැතිරිම සම්බන්ධයෙන් අඩු තක්සේරුවක නොසිටිය යුතුයැයි අවධාරණය කළේය .
වඩවඩාත් සෞඛ්‍ය රීතින් කෙරෙහි අවධානය යොමු කිරීමත් අහඹුව පැන නැගි කොරෝනා තත්ත්වයට මුහුණ දීමේදි ලද අත්දැකීම් රෝග පාලනයේදි මහත් පිටුවහලක් වනු ඇතැයි පවසා සිටියේය.
කොවිඩ් වසංගතයේදි ආවේක්ෂණ ක්රියාවලියයන් කෙරෙහි යොමු කරනු ලැබුවාවු ක්‍රමවේදයේ උපාය,උපක්‍රම මෙන්ම රෝගී ආරක්ෂණ උපකරණ පවා තවමත් සතුව පවතින පසුබිමෙක මෙම තත්ත්වයට මුහුණ දීමේ පෙර සූදානමක් කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම වගකිවයුතු බලධාරින්ද යොමුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බැව්ද පවසා සිටියේය.
කෙසේ වුවත් බාහිරින් රෝග වාහකයන් පැමිණීමේ ප්‍රධාන දොරටු ද්ව්ත්වය වන වරාය හා ගුවන්තොටුපලහි ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව දැඩි අවධානය යොමු කල යුතුව ඇතැයිද අවසන් වශයෙන් ප්‍රකාශ කලේය…!
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..